බදු ඉවත් කළොත් පෙට්‍රල් ලීටරයක් රු 101ට දෙන්න හැකියි - උදය
පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන රුපියල් 155න් රැපියල් 54ක් බදු බවත් එම බදු ඉවත් කළොත් ජනතාවට ප්රෙට්රල් ලීටරයක් රුපියල් 101කට ලබාදිය හැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිළ මහතා පවසයි.
අද (22දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. “මිල සූත්‍රය අනුව රු 155ට විකුණන පෙට්‍රල් ලීටරයක රු 54ක් තිබෙන්නේ බදු. මේ ඉලක්කම් හරිද වැරදිද කියන එක අපි දැන් අදාල විශේෂඥයන්ට ගණනයකරන්න බාර දීල තිබෙනවා. ඒ පිළිබදව අපි වෙනම මාධ්‍ය හමුවකින් ඔබව දැනුම්වත් කරන්නම්. දැනට අපි ඒ ඉළක්කම පිළිගමු.
ඉන්ධන මත ඇති කෝටි 4,000කට අධික බදු ඉවත් කර ඉන්ධන මිල අඩු කරන බව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දස වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. මගේ හිතමිත්‍ර ගරු පා ච රණවක ඇමතිතුමාගේ ප්‍රධානම සටන් පාඨය වුණේ ඉන්ධන මත බදු ඉවත් කරන බවයි.
ඒ පොරොන්දුව ඉටු කලොත් පෙට්‍රල් ලීටරයක් රු 101ට දෙන්න පුළුවන්. ඒ නිසා පොරොන්දු වුණු පරිදි ඉන්ධන මත බදු ඉවත් කරලා ජනතාවට සැබෑ මිලට පෙට්‍රල් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.”

popular news
-
Lion Monday, 22 October 2018 04:26 PM
ඔයා හරි උගත් පුදුම මොලයක් තියෙන්නේ . බදු අඩුකලහම මිනිසුන්ට දෙන නොමිලේ බෙහෙත් .ළමයින්ට උගන්නන්න සල්ලි දෙන්නේ ඔයාගේ බුදලෙන්ද .කට තිබුන පලියට බොරු dhodawanna Epa යෝදයෝ
Reply : 0 1
Nandana Monday, 22 October 2018 09:18 PM
ගොන් කතා කියන්න එපා .දැන් ලංකාවේ හාවෝ නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

