බදුල්ල තල්දෙන පරගස්දෝව ප්රදේශයේ බදුලුඔය ඉවුරේ ලඳු කැළෑවක සඟවා තිබූ ටී 56 ජීව උණ්ඩ 737 ක් ඊයේ (30) සවස සොයාගත් බව බදුල්ල පොලීසිය පවසයි.
මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත බදුල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ සෝදිසියකදී අදාළ ස්ථානයේ වල් පඳුරු අතර සඟවා තිබූ මෙම ජීව උණ්ඩ සහිත පෙට්ටියක් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
