සේනාදළඹු උවදුරින් හානියට පත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාවන් වෙනුවෙන් එම ගොවීන් 388 දෙනෙකුට වන්දි මුදල් ගෙවිමට කටයුතු යොදා තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය , නාගදීපය , හා රිදීමාලියද්ද ගොවීහු 368 දෙනෙක් සඳහා ප්‍රථම අදියර යටතේ මෙසේ ගෙවන මුළු වන්දි මුදල රුපියල් 21,165,000
2018/2019 මහ කන්නයේ බදුල්ල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 9729.3 බඩ ඉරිඟු වගාකර තිබූ අතර එයින් අක්කර 9150 ක් පමණ සේනා දළඹුවන් විසින් විනාශ කර තිබු බව විමර්ශන වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසුවාය.
ප්‍රථම අදියරේ වන්දි ගෙවිම විදේශ රැකියා විදුලි සන්දේශ හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි නිල වශයෙන් සිදුවිය.
මෙහිදි ගොවීන් 25 දෙනෙකුට චෙක්පත් ප්රදානය කිරිම සිදු විය .
මේ අවස්ථාවට වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමති සුරේෂ් වඩිවේල් , බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි , ඌව පළාත් සභාවේ කෘෂිකර්ම ඇමති උපාලි සමරවීර , ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ර.මු.රත්නායක යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් පිරිසක්ද බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද සහභාගි වූහ .
බදුල්ල - පාලිත ආරියවංශ
