බදියුදීන් හා අසාද් සාලි සහාය දෙන ජනපති අපේක්ෂකයෙකුට සහාය දෙන්නේ නෑ - ගම්මන්පිල
රිෂාඩ් බදියුදීන් හා අසාද් සාලි සහාය ලබාදෙන ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට තමන් සහාය නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13දා) පැවසීය.
අන්තවාදීන් සුළු පිරිසකට මේ රට නටවන්න හැකිවී ඇත්තේ සිංහලයා දෙකට බෙදී ආණ්ඩු නිර්මාණය කිරීමට අන්තවාදීන් වන්දනා කරන නිසායැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,
"ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදය ත්රස්තවාදයක් බවට පෙරලී පාස්කු ඉරිදා මහ විනාශය සිදු කරන තෙක් එය පෝෂණය කිරීමට ඍජුවම වගකිවයුතු දේශපාලකයන් දෙදෙනෙකු අපි හඳුනා ගෙන තිබෙනවා.ඒ තමයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සහ අසාද් සාලි ආණ්ඩුකාරවරයා.අන්තවාදීන් සුළු පිරිසකට මේ රට නටවන්න, රිදවන්න, සොලවන්න පුළුවන් වෙලා තිබෙන්නේ සිංහලයා දෙකට බෙදිලා ආණ්ඩු හදන්න අන්තවාදීන් වන්දනා කරන නිසා.ඒ නිසා පිවිතුරු හෙළඋරුමය මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා.ඒ අනුව රිෂාඩ් බදියුදීන් හෝඅසාද් සාලිගේ සහාය ලබන කිසිම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට පිවිතුරු හෙළ උරුමයේ සහාය ලබා දෙන්නේ නෑ කියන තීන්දුව අපි ගත්තා.අපි කෙතරම් ප්‍රිය කරන, ගරු කරන අපේක්ෂකයෙකු වුවත් මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය ලබනවා නම්, ඒ අපේක්ෂකයාට අපේ සහාය ලබා දෙන්නේ නෑ.
දැන් අපෙන් අසාවි.නම් දෙකක් විතරද? අර නම නැත්තේ ඇයි? මේ නම නැත්තේ ඇයි? කියලා.ෆේස්බුක් එකේ පෝස්ට් දාන හැඟීම් බර තරුණයෙකු විධියට වගකිව යුතු දේශපාලන පක්ෂයකට හැසිරෙන්න බෑ. අපි නම් ගණනාවක් සලකළා මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ බවට නිශ්චිත සාක්ෂි තිබෙන, අත්අඩංගුවට ගැනීමට තරම් මේ අපරාධයට සම්බන්ධ බවට තොරතුරු තිබෙන පුද්ගලයන් පමණයි අප නම් කළේ.ඔබට තව තියෙනවා නම් තොරතුරු අපට ලබාදෙන්න. අපිලෑස්තියි මේ ලැයිස්තුව ඕනෑම වෙලාවක දිගු කරන්න. ඒකට මේ ලැයිස්තුව විවෘතයි.මේ ලැයිස්තුවේ ආරම්භය පමණයි.
අපි දීර්ඝ කාලයක් මේ රටේ දෙමළ බෙදුම්වාදය සහ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ අනතුරු ඇඟෙව්වා. එදා සතුරු පිලේ මෙන්ම මිතුරු පිලේ අයද අපිව දැක්කෙ අන්තවාදීන් විදියටයි. අද අපි කිව්ව දේවල් මහපොළොවේ ඇත්ත බවට පත්වෙලා ජාතියේම ඇස් ඇරිලා තියෙනවා. රට රත් වෙලා තියෙනවා.හැබැයි මේ රටේ ජනතාව පිළිබඳ අපට තියෙන අත්දැකීම් අනුව නම් දැන් මේ රත් වීම ඉතා ඉක්මනින් සිසිල් වේගෙන යනවා. තව ටික කලකින් පාස්කු ඉරිදා බෝම්බය කිව්වම මොන පාස්කු ඉරිදා බෝම්බයේද කියලා වුණත් අහන්න ඉඩ තියෙනවා. වේළුපිල්ලේ පිරිබාහරන් නම් කිව්වේ සිංහලයාගේ මතකය සති දෙකයි කියලා. දැන් සති තුනක් ගෙවිලා හමාරයි.අපි ඉන්නේ භයානක අවධියකට පත්වෙලා. " යනුවෙන් පවසා සිටියේය.

popular news
-
chathuri Monday, 13 May 2019 07:56 PM
ඒ දෙන්නා විතරක් නෙමේ , උබල දෙන්නා ගැවිලා වැඩ කරන. එකෙකුට. එන්න. දෙන්නේ. නැහැ. කට්ටියක්. බෝම්බ ගහල. මරනකොට. අනිත්. උන්. ජනතාවගේ මුදල් හොරෙන් කලා ඒ බර ජනතාව පිට පටවලා. මිනිසුන්ව බඩගින්නේ. මරවනවා මේ. තක්කඩි නුගත්. රැල. රටින්ම එලවන්න. වැඩකරන්න. ඕන. සජීවීව කරපු. තර්කයෙන් දන. ගත්තා අන්ත වාදීන් මේ මුස්ලිම්. ඇමතිලා පෙන්නලා. දෙනකොට. ආරක්ෂා කෙරුවේ උන්ගෙන්. මුදල් අරන්. මේ රයිගමයයි. ,ගම්පලයයි , දැන්. ඒ මිනිස්සුන්ට ඇගිල්ල දික් කකරනවා නාම්බෝ ටික අන්තවාදීන්ට හපන් බලය තියෙනකොට. දාපු සෙල්ලම් උබල එකෙකුට එන්න දෙන්නේ නැහැ, මන්ද බුද්දික රැල
Reply : 0 0
Kumar Tuesday, 14 May 2019 07:12 AM
බුද්යුදින් මහත්මයට පින් අයිති වෙනවා සිරිසේන ජනාධිපතිතුමාට දක්වනවානම්. ඒ වගේම සාලි මහත්මය Rajapaksa පවුලේ අයට සහය දක්වනවද? ඔබ දෙදෙනා බොහොම ඉස්තුත්යි.
Reply : 0 0
Champa Tuesday, 14 May 2019 11:08 AM
එල එල. ඔය තියෙන්නේ. ඔන්න ඔහොම කතා කරන්න. කොහොමටත් ඊළඟ ජනාධිපතිවරණෙ සම්පූරණ වෙනස් එකක් වෙනවා. සමහර විට විශාල මහජන රැස්වීම් අවශ්‍යත් නැති වෙයි. සිංහලය, විශේෂයෙන් සිංහල බෞද්ධයන් අනිවාර්යයෙන්ම එක කොඩියක් යටට ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම ජාතිවාදී ත්‍රස්තහිතවාදී අන්තවාදී දෙමල මුස්ලිම් දේශපාලකයන් එක්ක plug වෙන සියලු සිංහල දේශපාලකයන්ව ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මිනිස්සුන්ට දැන් හොඳට තේරිලා තියෙන්නේ. එහෙම එකතු නොවුනොත් රාජ්‍ය බලය සිංහලයන් අතින් ගිලිහෙනවා. ඒ හින්ද මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

