බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධයෙන් යළිත් විශ්වාසභංගයක්?
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට නැවත අමාත්‍ය ධුරයක් ලබාදුනහොත් ඒකාබද්ධ විපක්ෂය විසින් අනිවාර්යයෙන් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ අනෙකුත් මුස්ලිම් මන්ත්‍රීවරුන් පිළිබඳ ගැටලුවක් නොමැති බවත්, එහෙත් පාස්කු ප්‍රහාරය ඇතුළු රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයකින් තොරව ඔහුට අමාත්‍ය ධුරයක් ලබාදීමට ඒකාබද්ධ විපක්ෂය තදින්ම විරුද්ධ බවත් කී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.
කෙසේ වෙතත් ඊයේ (29දා) රාත්රියේදී රිෂාඩ් බද්යුදීන් මහතා නැවතත් සිය පැරණි අමාත්‍යධුරයේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

popular news
-
laxman Tuesday, 30 July 2019 12:09 PM
tawat vehilu sapayan sangamaya wadak
Reply : 0 1
Tissa Perera Tuesday, 30 July 2019 02:51 PM
මහා ජන සල්ලි ලක්ෂ 250 ක් නාස්ති කරන්නේ නැතුව නීති මාර්ගයට යන්න
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

