බදියුදීන්ගේ විශ්වාසභංගය විවාදයට නොගෙන රජය කරන්නේ එය කල්මැරිමේ ක්‍රියාවක් - මහින්ද
රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල්මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙන යන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (24) බත්තරමුල්ල නෙලූම් මාවතේ පැවැති පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටටම විමසිල්ලෙන් බලා සිටින බවද ඒ මහතා පැවසීය.
පාස්කු දිනයේ සිදුවූ ත්‍රස්තවාදි බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඇති ජනහඩට සවන්දි ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුව ඇතැයි ද කී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මෙම විශ්වාසභංගය මගින් විපක්ෂයට සිදුවන එකම වාසිය රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා තරහ විම පමණක් බවද අවධාරණය කළේය.
පාසලක් අසලින් අත්බෝම්බ සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද එහිදී මාධ්‍යවේදීන් විපක්ෂනායකවරයාගෙන් විමසා සිටි අතර එහිදි ඔහු සඳහන් කළේ ,
”ආයෙමත් ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මේ බෝම්බ කවුද පාසල අසලට ගෙනත් දැම්මේ කියන දේ සොයා බලන්න වෙනවා. පොලීසිය ආරක්ෂාව දෙනවා කිව්වාට තවමආරක්ෂාවක් නැති බවයි මෙයින් පේන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඇරලා පාසල් වහන්න බැහැනේ. පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් රජය නිසි පියවර ගන්නඅවශ්යයි” යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි

popular news
-
Kumar Friday, 24 May 2019 08:00 PM
මොකද වදේ ඔය තරම්ම තදියම තව සති තුනක් ඉවසගෙන ඉන්න බැරිද? ඔහොම තදියන් වුණාම රුධිර පීඩනය වැඩිවෙනවා. පසුගිය රජයකාලේ හරිවැරදි හෙව්වේ නැති එක ඇත්ත. මේ රජයනම් අල්ප වශයෙන්වත් ඇත්ත නැත්ත හොයලබලනවා.වෙන්න ඇති. එකනේ කල යන්නෙ.
Reply : 43 48
Champa Saturday, 25 May 2019 08:15 PM
මේක මෙහෙම විසඳන්න බැහැ. මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් නැවත කිසිම ආණ්ඩුවකට වැද්ද නොගත යුතුයි. ඒකට කරන්න ඕනේ ලංකාවේ ඊළඟ ජනාධිපති සිංහල චන්ද වලින් විතරක් තෝරා ගැනීම. මුස්ලිම් දෙමල දේශපාලකයන් තමයි ලංකාවේ අන්තවාදය, ත්‍රස්තවාදය බිහි කලේ, පෝෂණය කලේ. කරන්න ඕනේ මුල උදුරලා දාන එක. එහම කරන්න සිංහලයෝ සමගි වෙන්න ඕනේ. සුළු ජාතීන් දන්නවා සිංහලය කවදාවත් සමගි කරන්න බැහැ කියල. ඒ හින්ද හැමදාම රටේ බලය තීරණය වෙන්නේ සුළු ජාතික කේවල් දේශපාලනය උඩ. සිංහලය රට ආණ්ඩු කලාට පිටිපැස්සේ ඉඳන් control කරන්නේ සුළු ජාතික දේශපාලකයන්. අන්තිමට වෙසකුත් නැති කරන්න පුළුවන් වුනා නම් තව මොන කතාද? 2015 දළදා පෙරහැර ඇතුළු පෙරහැරවල් සියල්ලත් නතර කරන්න හැදුව. එදා මුළු රටම එකතු වෙලා ඒකට විරුද්ධ වුනු හින්ද ඒක කරනගන්න බැරිවුනා. හැබැයි දැන් එදා තිබ්බ සමගිය අද නැහැ. එහෙම වුනේ අපේ පැත්තේ දේශපාලකයෝ 2015 ආපු පාර වෙනස් කරපු නිසා. සිංහලය සමගි කරන්න කිසිම දේශපාලකයෙකුට බැහැ. ඒ හින්දා ලංකාවේ ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ දේශපාලකයෙක් නොවෙන සිංහල බෞද්ධ මිනිහෙක්. ලංකාව ආරක්ෂා වෙලා තියෙන්නේ බුදුදහම නිසා. බුදුදහම ආරක්ෂා වෙලා තියෙන්නේ සිංහල බෞද්ධයන් නිසා.
Reply : 0 3
ranjith Sunday, 26 May 2019 06:26 AM
මේ වගේ අන්තවාදීන් බිහි කරේ වර්තමාන අර්න්දුව සහ අද විපක්ෂයේ ඉන්න නායකයෝ මුන් දෙගොල්ලන්ටම රට නෙවෙඉ බලේ තමි ඕනේ
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

