බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගයට මහින්ද අත්සන් නොකළත් පක්ෂව ඡන්දය දෙනවා
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන නොතිබුණත් එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.
පක්ෂය විසින් වෙසක් කූඩු බෙදා දීමේ අවස්ථාවකට පසුගියදා (17දා) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“හැමෝම අහන දෙයක් තමයි විශ්වාසභංග යෝජනාවට ඇයි මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කළේ නැත්තෙ කියලා. මීට පෙර ගෙනාපු විශ්වාස භංග යෝජනා වලදීත් මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කළේ නැහැ. රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව, රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කළේ නෑ.
ඔහු අපේ නායකයා. ඒ වගේම මේ රටේ විපක්ෂ නායකයා. ඒ නිසා ඔහුගේ අත්සන තැබිය යුත්තේ ඔහුගේ තනතුරට ගැලපෙන විශ්වාසභංග යෝජනාවක දී පමණයි. ජනාධිපතිවරයෙකුට එරෙහිව ගෙන එනු ලබන දෝශාභියෝගයක දී අගමැතිවරයකුට එරෙහි විශ්වාසභංග දී පමණයි අප මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන විශ්වාසභංග යෝජනාවට එකතු කරන්නේ. ඔහු අනිවාර්යෙන්ම විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳිලා එයට පක්ෂව ඡන්දය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.”

popular news
-
chathuri Monday, 20 May 2019 02:58 AM
මහදැන මුත්තා මෝඩයින්ට. කියලා වැඩ. ගන්නවා නමුත්. හොයල බලන්නේ. නැහැ. වැඩේ. හරිද. කියලා දිනය. වරද්දල නේද . මේ වගේ. දෙක පාස් කරපු. නඩු කාරයෝ තමයි. දියවන්නාවේ. ඉන්නේ , මහදැන මුත්තා අත්සන්. කරන්නේ නැහැ , මුස්ලිම්. කට්ටියගේ. චන්ද. ගන්න. ඕන. නීසා , ලගදීම බදුයු ඩින් ,අසාද්. සාලිව කැදවයි ,රාත්‍රී තේ. පැන් බොන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

