බුද්ධි අංශවලට නිසියාකාරව ක්‍රියා කිරීමට බලය දෙනවා - GR
ශ්‍රී ලංකාව සුරක්ෂිත හා බිය නැතිව ජීවත්විය හැකි රටක් බවට පත්න බවත් බුද්ධි අංශවලට නිසායාකාරව ක්‍රියා කිරිමට බලතල හා නීතිමය ආරක්ෂාව ලබාදෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (13දා) මහර පැවැති රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“ආරක්ෂිත විනය ගරුක සමාජයක් බිහි කිරීම අපේ ප්‍රධාන අරමුණක්. අපි ආදර්ශමත් විය යුතුයි. අද තිබෙන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. යහපත් කළ යුතුයි. අපිට ආවේගශිලීව හෝ පටු අරමුණු වෙනුවෙන් හෝ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් හෝ ක්රියාකරන්න්ට බෑ. ආවේගශීලිව විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණ වලට ගොදුරු වෙලා අශෝභන ලෙස හැසිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැති බව අවධාරණය කල යුතුයි.
රටේ කඩාවැටුනු ආරක්ෂක යාන්ත්‍රනය බල ගන්වනවා.ඒ හරහා මේ රට සුරක්ෂිත බිය නැතිව ජීවත් විය හැකි රටක් බවට පත්කරනවා. බුද්ධි අංශ වලට නිසියාකාරව ක්‍රියා කිරීමට බලතල සහ නීතිමය ආරක්ෂාව ලබා දෙනවා.
තොරතුරු තාක්ෂණය හා පරිඝනක තාක්ෂණය මුල් කරගෙන අපේ ආර්ථිකය නගා සිටුවන්නටත් හොද වේතනයක් ලැබෙන රැකියා විශාල ප්‍රමාණයක් නිපදන්නටත් පුළුවන්.අපි රජයක් ලෙස මීට අවශ්‍ය යටිතල පහසුකම් සැපයිමටත් සහ විවිධ බාධක ඉවත්කිරීමට රාජ්‍ය අනුග්‍රහය අපි ලබා දෙනවා.
මගේ පළමු වසර තුළ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. අද තරුණ තරුණියන් මේ අධ්‍යාපනයේ වරදින් අතරමං වෙලා. සෑම වසරකම උසස් පෙලට ඉදිරිපත් වෙන අයගෙන් ලක්ෂ දෙකක් විතර විශ්ව විද්‍යාලයට සමත් වුවත් 35000යි විශ්ව විද්‍යාලයට යන්නේ. උසස් පෙළ සමත් සියලුම ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇති කරනවා.
තාක්ෂණික විද්‍යාල හරහා රැකියාවලට සුදුසු, ආර්ථිකයට සුදුසු රැකියා සදහා, හොද වේතනයක් සහිත රැකියවන් ලබා දෙන්න අපි පියවර ගන්නවා.”



popular news
-
Champa Monday, 14 October 2019 10:53 AM
වහබ් අන්තවාදයට විරුද්ධද නැත්ද? නැවත නැගී ගෙන එන LTTE ත්රස්තවාදයට විරුද්ධව ගන්න ක්‍රියා මාර්ග මොනවාද? ඇමරිකාව විසින් ක්‍රමක්‍රමයෙන් බිල්ලට ගන්න රට රැක ගන්න කරන්නේ මොනවාද? ඇමරිකන් ගිවිසුම් අත්සන් කරනවා ද නැත්ද? නායකයා මුලින් කෙලින් කතා කරලා ආදර්ශයක් දෙන්න එපෑය.
Reply : 0 0
ජර්මනියේ ඒකාධිපතියකු Monday, 14 October 2019 11:22 AM
ජර්මනියේ ඒකාධිපතියකුවී මුළු රටම විනාශය කර ගෙනගිය අදටත් එරට වැසි බහුතරයක් පිළිකුලෙන් බලන "හිට්ලර්" එම රටේ පුරවැසියකු නොවේ. ඔහු පැමිණ එම ජනතාව විනාශය කර ගෙන ගියේය. අපිත් අරදන කර එවැනි ඇමෙරිකන් කරයෙකුව (හොරෙක්, තක්කඩියෙක්) රටේ පාලකයා කර දේශප්‍රේමය පැතිරවීමට ඒකාධිපතියකු වන්නැයි අරදන කර රටම රතුපස්වාලක් කලවිට එලව ගන්නේ කෙසේද. එවිට අප වෙනුවෙන් කතාකිරීමට එකකු නොමැති වේ. තම වචනය නීතිය කොරගත්, ඒකාධිපතියකු epa
Reply : 7 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

