මහනුවර සිට පාගමනින් පැමිණෙන පිරිසට බණ්ඩාරනායක සමාධියට පුෂ්ප උපහාර දැක්වීමට තිබූ අවස්ථාව අහිමි කළත්, හිස්වැසුම් ගලවා ගෞරව කරමින් පාගමන ඉදිරියට පැමිණි බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ගේ ඒකාබද්ධ සංවිධානය සඳහන් කරයි.
හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක මහත්මිය අනිසි බියක් ඇති කරගෙන පාගමනේ පැමිණෙන පිරිසට සමාධියට පුෂ්ප උපහාර දැක්වීම වැළැක්වුවත් බණ්ඩාරනායකවරුන්ගේ ආශිර්වාදය ලබාගැනීමට හිස්වැසුම ගලවා ආචාර කළ බවද එම සංවිධානයේ කැඳවුම්කරු හිටපු ප්රා‘දේශීය සභා සභාපති උදේනි අතුකෝරළ මහත්මිය සඳහන් කළේය.
පාගමනේ පැමිණි පිරිස් සමාධියට මල්දම් පලඳවා පුෂ්ප උපහාර දැක්වීමට සැලසුම් කළ බවද පවසා සිටියේය.