බඩ ඉරිඟු සඳහා නැනෝ නයිට්රජන් වැඩි කාබනික පොහොරක්
මෙරට බඩ ඉරිඟු වගාව සඳහා විශේෂිත නැනෝ නයිට්‍රිජන් වැඩි ප්‍රතිශතයක් අඩංගු කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමටත් එමෙන්ම ශ්‍රී ලංකාව තුළ බඩ ඉඟුරු වගාව හෙක්ටයාර 100000ක බිම් ප්‍රදේශයක වගාකිරීමට තීරණය කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවැසීය.
මෙම තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කර ගත් තීරණයක් බවද ඒ මහතා අද (24දා) 'අද'ට පැවසීය.
"මෙරට බඩ ඉරිඟු වගාව සඳහා නයිට්‍රිජන් වැඩි ප්‍රතිශතයක් අඩංගු කාබනික පොහොර අවශ්‍ය වෙලා තියෙනවා. මේ කාබනික පොහොර විශේෂය ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා. කාබනික පොහොර යොදා වගා කරන ගොවීන් සඳහා සහනාධාර ලබා දෙනවා. ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළා මෙරට බඩ ඉරිඟු වැඩියෙන් වැවෙන ප්‍රදේශ පළාත් බලලා හෙක්ටෙයාර 100000 බිම් ප්‍රදේශයක බඩඉරිඟු වගා කරන්න.
රටට වර්යෂකට බඩඉරිඟු මෙට්‍රික් ටොන් හතලිස් දහසක් පමණ ගෙන්නනවා. බඩඉරිඟු වගා කරන ලියාපදිංචි ගොවීන් පන්දහසක් පමණ සිටිනවා මේ ගොවීන්ට කාබනික පොහොර යොදා වගා කරනවා නම් සහනාධාර දීලා දිරිමත් කර හෙක්ටයාර 100000 බඩඉරිඟු වගා කරන්න තමයි අපේ තීරණය"
බලංගොඩ රෝහණ වසන්ත

popular news
-
gamini Sunday, 24 October 2021 01:58 PM
Whom are they cheating? Still they claim that these are organic. When nano-fertiliser is coated with a polymer, it is more synthetic than urea. Urea by itself is pure organic. This is pathetic and the eventual victim is the farmer who does not have a steady income while giving for the salaries these uneducated morons.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

