බංග්ලාදේශ නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණෙයි
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (07දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
සිව් දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.
එමෙන්ම මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මතට බංගලාදේශ නාවික හමුදා හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ පුහුණු අභ්‍යාසයක් ද සිදු කිරීමට නියමිතව ඇත.
දිගින් මීටර් 115.2 ක් සහ පළල මීටර් 13.1ක් වන ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව ටොන් 3367.58 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, නෞකාව සිය සිව්දින නිල සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් 10 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

