පෞද්ගලික උත්සව සඳහා ජනපතිට ආරාධනා කරන්න එපා - PMD
ජාතික වගකීම සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍ය හා සාද වැනි අවස්ථාවන්ට ජනපති ගෝඨාභය රාජක්ෂ මහතා සහභාගවීමට අපේක්ෂා නොකරන බැවිනි එවැනි අවස්ථා සඳහා ජනපතිවරයාට ආරාධනා නොකරන ලෙස ජනපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි.
ජනතා යහපත උදෙසා රජයේ සංවර්ධන ව්‍යාපෘති කඩින්ම කිරිමට හා බිම් මට්ටමේ ජනතා ගැටලු විසඳීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෛනික නිල කාර්යයන්හි ප්‍රමුඛත්වය ලබාදී ඇති බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.
ජනපතිවරයා ඇති ගෞරවය හා ප්‍රසාදය නිසා බොහෝ දෙනා තම ජීවිතයේ වැදගත් අවස්ථා වෙනුවෙන් එක්වන ලෙස ජනපතිවරයාට ආරාධනා කරන බවත් ඒ සඳහා තමන්ට කෙරෙහි ඇති බැඳීම ඔහු අගය කරන බවද ජනපති මාධ්‍ය අංශය පවසයි.
එසේ වුවද නිල කටයුතු වලින් බැහැරව ලැබෙන හැම පැයම ජනතාවගේම අභිවෘද්ධිය වෙනුවෙන් කැප කිරීමට ජනපතිවරයා බලාපොරොත්තු වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
popular news
-
Champa Wednesday, 02 September 2020 03:43 PM
සිංහරාජ කැලේ විනාශ කරගෙන පාර කපන එකට සම්පූරණ විරෝධය පල කරනවා. පුළුවන් තරම් ඉක්මණට, මාස තුනෙන් පාර කපන්න කිව්වේ ඩෝසර් කරන්න කියන එක. මාධ්‍ය දැන් රාජ්‍ය භීෂණයට අහු වෙලා. අනිත් තැනකට ලිව්ව කොමෙන්ට් එකක්වත් දාල නැහැ බයට. එහෙම වුනාට වැරදි දේ හරි වෙන්නේ නැහැ. ස්වභාව ධර්මය වනසන්නෝ ස්වභාව ධර්මය විසින්ම වනසනු ලබයි. ඩෝසර් ජනාධිපති සහ ඩෝසර් ආණ්ඩුව ලෝවැඩ සඟරාව කියවන්න ගත්ත නම් හොඳයි දැන්. කියවල ඉවර වෙන කොට අවුරුද්දක් විතර යයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

