විදේශ රටවලින් මෙරට අයෙකු හා ආවාහ හා විවාහ වෙන විට සිදු කළ යුතු නව නීති පිළිබඳව රජයේ රෙජිස්ටර් ජනරාල්වරයා නීති සම්පාදනය කර තිබෙන බවත් ඉදිරියේදී මෙරට විවාහ වන විට දරුවන් පස් දෙනෙකු සෑදිය යුතු බවට රජය නීති පැනවීම් සිදු කළ යුතු බවට යෝජනා කරන බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා මේ බව සඳහන් කළේ අත්‍යාවශ්‍ය ආහාර භාණ්ඩ ලබා ගැනීම සඳහා ජනතාවට සිදුව ඇති පීඩනය පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශ කිරීම් සඳහාය.
හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද විවාහ ගිවිස ගැනීමේදී නව චක්‍ර ලේඛනය කඩිනමින් වෙනස් කොට මෙරට විවාහ ගිවිස ගැනීමේදී දරුවන් පස්දෙනෙකු අනිවාර්ය කරන ලෙස නීති පනවා එක් දරුවෙකු තෙල් පෝලිම්ට අනෙක් දරුවා ගෑස් පෝලිමට තවත් දරුවෙකු හාල් පෝලිමට , තවත් දරුවෙකු කිරිපිටි පෝලිමටත් තබාගැනීම පහසු වන නිසා එය සිදු කළ යුතු බවයි.
රටේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරක් ලබා නොදීම නිසා ජනතාව පීඩනයටකට පත් වෙමින් සිටින බවත් ගෑස් උදුන් සහ ඒ ආශ්රිත විනාශවීම් පිළිබඳව මෙතෙක් රජය ජනතාවට සාධාරණය ඉටු කර නැති බවද මෙම මාධ්‍ය හමුවේ දී හැරිසන් මහතා පෙන්වා දුන්නේය.