පොළොන්නරුවේ නව අධිකරණය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත වේ
පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 5වන දින පෙරවරු 9.00 ට සිදු කෙරේ.
නව අධිකරණ සංකීර්ණය මහල් තුනකින් සමන්විත වන අතර, ඒ සඳහා රුපියල් මිලියන 327 ක් වැය කර තිබේ.
මහාධිකරණය 01 ක් ,දිසා අධිකරණ 01ක්, මහේස්ත්‍රාත් අධිකරණ 01 ක්, අනෙකුත් කාර්යාල පහසුකම්, වාහන නැවතීමේ ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විතව නව අධිකරණ සංකීර්ණය ඉදි කර ඇත.
වර්ග මීටර් 3700 ක බිම් ප්‍රමාණයකින් යුතුව ඉදි කර ඇති නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් මධ්‍යම ඉංජිනේරු පිළිබඳ උපදේශන කාර්යාංශය මඟින් සිදු කර තිබේ.
පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම 2017.02.25 වන දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම සිදු විය.
රුපියල් මිලියන 500 ක වියදමකින් ඉදි කිරීමට නියමිත වැලිමඩ නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් සඳහා මේ වසරේ මුල්ගල තැබීම සිදු කළ අතර මෙරට මහාධිකරණයක් නොමැති එකම දිස්ත්‍රික්කය වන මාතලේ දිස්ත්‍රික්කයේ නව මහාධිකරණයක් ස්ථාපිත කිරිම ද සිදු කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

