පොහොට්ටු - ශ්‍රීලනිප සන්ධානයෙන් පසු මෛත්‍රීට ඉහළ ගෞරවනීය තනතුරක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉහළ ගෞරවනීය තනතුරක් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වය එකඟ වී ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම ගෞරවනීය තනතුර කුමක්ද යන්න සහ එයට ලබාදෙන වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර නොමැති නමුත් ගෞරවනීය තනතුරක් ලබාදෙන බවට පැහැදිලි පොරොන්දුවක් ලබාදී ඇති බවද වාර්තා වේ.
මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කාම්බෝජ සංචාරය නිමකර දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වීම නිල වශයෙන් ඇරඹීට සියල්ල තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡා සාර්ථක වීමත් සමග ඉන්පසුව පැවැති සාකච්ඡාවලදී මෙම තීරණවලට පැමිණ ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි

popular news
-
chris Friday, 09 August 2019 08:37 AM
අඩි 6 ක් යට
Reply : 0 40
Dayan Friday, 09 August 2019 09:21 AM
මිනිහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ විකුණන අදහසින් ඉන්නවද?
Reply : 0 28
Sanath Friday, 09 August 2019 09:58 AM
ලොකු අපරාදයක් !
Reply : 0 3
Lion Friday, 09 August 2019 11:37 AM
මොහු මෙරටට ජනතාවට කල ද්‍රෝහී වැඩවලට වන්දිගේවියුතු mai
Reply : 0 9
Champa Friday, 09 August 2019 03:17 PM
කොහොමද වැඩේ? 2015 අගෝස්තු චන්දෙදි මහින්ද අගමැති නොකරන්න, SLFP එක පරද්දන්න කරන්න පුළුවන් සියලු දේ කරපු මිනිහ තමයි දැන් මහින්දගේ 2019 චන්ද සටනේ තීරණ ගන්නේ. රනිල් අගැමති කරපු ගමන්, මෛත්‍රීට චන්දෙ දීපු මිනිස්සු අනිත් පැත්ත හැරුන. 2015 ජනවාරි 9 වෙනිදාම 62 ලක්ශේයි 58 ලක්ශේයි යමපාලනයට විරුද්ධ වුනා. ඒ විරෝධය එක මාසයක් යනකොට පෙබරවාරි 18 නුගේගොඩදී පෙන්නපු එකෙන් තමයි යමපාලනයේ බල බිඳුනේ. 2015 අගෝස්තු පැරදුනත් මිනිස්සු හිතුව ඊළඟ ජනාධිපතිවරනේදී යමපාලකයෝ ගෙදර යවනවා කියලා. මිනිස්සු අලුත් පක්ෂයක් හදන්න කිව්වේ මහින්දට. ඒක ඇහැව්වේ නැහැ. අන්තිමට ඒකෙන් ප්‍රයෝජන අරගෙන පක්ෂේ හැදුවේ බැසිල්. අද පොදුජන පෙරමුණ මහින්දව පාවල දීල තියෙනවා. මෛත්‍රිගෙයි බැසිල්ගෙයි ගැටේට මහින්ද අහුවුනා. ඒකේ ප්‍රතිඵලය වුනේ මහින්ද, මෛත්‍රීගේ ප්‍රාණ ඇපකාරයෙක් වීම. වෙන විදිහකට කියනව නම් 2015 වෙච්ච දේම 2019 දීත් කරගත්ත. දැන් පොහොට්ටුව ආපහු අලුත් ලණුවක් දීල තියෙනවා. කන්න ඒකත්. 2015 මහින්දව ගෙදර යවන්න වැඩ සිද්ධ වුනේ ඇතුලෙන්මයි. ගෝඨාභයගෙයි බැසිල්ගේයි යටින් උදව් නොතිබෙන්න කවදාවත් මහින්දව පරද්දන්න ලැබෙන්නේ නැහැ. දැනුත් කරන්නේ ඒකමයි.
Reply : 12 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

