පොහොට්ටුව පූර්ව මැතිවරණ ප්‍රචාරය ආරම්භ කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පූර්ව මැතිවරණ කටයුතු අද (03දා) පෙරවරුවේ ආරම්භ කරනු ලැබීය. පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව අද දිනයේදී හා හෙට දිනයේදී ඔවුන් සිය පූර්ව මැතිවරණ ප්‍රචාරණ කටයුතු දිවයින පුරා සෑම නිවසක් පාසාම සිදුකිරීමට නියමිතය.
මේ හා සමගාමීව V-Can නමින් මෘදුකාංගයක්ද ඔවුන් හඳුන්වා දී තිබේ.
popular news
-
lion Sunday, 04 August 2019 09:53 AM
ඔය මොන පර්ට්යෙන් වත් අනේ අපේ ගෙවල්වලට එන්න එපා .අපි දන්නවා ඖරුදු 70 කාලය තුල මේ රටට කල දේ .අපි දුප්පත්තු උන රට දුප්පත් උන ඔය අය කෝටිපතියෝ උන .okai ඇත්ත. අනේ අපේ පාඩුවේ අපට ඉන්න දෙන්න.
Reply : 0 0
Champa Sunday, 04 August 2019 07:29 PM
හා හා හා 2015 වෙච්ච දේම තමයි ඊළඟටත් වෙන්න යන්නේ. 2015 මහින්දගේ පරාජයට කෙලින්ම වග කියන්න ඕනේ ගෝඨාභය සහ බැසිල් තමයි ලංකාවේ ඊළඟ පාලනය බාර ගන්න යන්නේ. එක්කෙනෙක් සජිත් එක්ක deal දාලා අනිත් එක්කෙනා රනිල් එක්ක deal දාල. දෙන්නම මෛත්‍රී එක්ක deal දාල. ඔන්න වැඩ. 2015 මහින්ද පරද්දපු දේශද්‍රෝහියෝ එක්ක තමයි දෙන්න ගමන යන්න හදන්නේ. මහින්දට පක්ෂයක් නැහැ. මේක කලිනුත් කිව්වා. ශ්‍රී ලංකා එක මහින්දට නොදුන්නට මෛත්‍රී ඒක ගෝඨාභයට දෙනවා. දැන් නෙමෙයි වැඩේ කරන්න හිටියේ 2015ම. වැරදුනේ මහින්ද පාර්ලිමේන්තු ආපු හින්ද. ඊළඟට අනිත් පැත්තෙන් පොදුජන පෙරමුණ බැසිල්ගේ. හදා ගත්තේ බැසිල්ගේ දේශපාලන අනාගතය වෙනුවෙන්. බැසිල් ඒක කවදාවත් මහින්දට දෙන්නේ නැහැ. මේ ජනාධිපතිවරණයේදී මහින්දව පාවිච්චි කලාට, බැසිල් ඊළඟ මහා මහමැතිවරණයේදී මහින්ද කියන සාධකය නිකම් wallpaper එකක් කරනවා. ගෝඨාභය දිනන්නේ නැහැ. දිනුවත් මහින්දගේ දේශපාලන ඉවරයි. පැරදුනත් මහින්දගේ දේශපාලනය ඉවරයි. අන්තිමට මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි අතරමං වෙනවා. ඒ මොකද මහින්දට පක්ෂයක් නැති නිසා. මහින්ද ඉන්නේ රනිල් මෛත්‍රී ගෝඨාභය බැසිල් ඇදපු ලොකු උගුලක හිරවෙලා. සම්යක්ප්රයෝගයක් පාවිච්ච්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

