පොහොට්ටුවේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකධුරයෙන් වෙල්ගම ඉවතට
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස කටයුතු කළ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ පත්කර ගනු ලැබීය.
බදුල්ල පුරහලට 29 දා රැස්වූ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් හා ඉදිරිපෙළ ක්‍රියාකාරින් විසින් එහිදී පැවැත්වූ විශේෂ රැස්වීමකදි යෝජනා ස්ථිරත්වයෙන් මෙම වෙනස සිදුකර තිබේ .
ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට සූදානමක් ඇතැයි කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හා විවිධ ප්‍රකාශ වලින් එම පෙරමුණ අපහසුතාවයට පත්කිරීමට කටයුතු කිරීම මෙම ධුරය වෙනස් කිරීමට ප්‍රධාන හේතුව වූ බව මෙහිදී ප්‍රකාශවිය .
ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ නායකත්වයට දිස්ත්‍රික්කයේම කෙනෙක් පත්කරගැනීමට තිබූ අවශ්‍යතාවය ද මෙම වෙනස නිසා ඉටුකර ගත් බව ට අදහස් පළවිය .
කුමාර වෙල්ගම මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයට පෙර බදුල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කර තිබුණි.
පාලිත ආරියවංශ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

