පොහොට්ටුවේ අය අතට එන වෙලාව වැඩි ඈතක නොවෙයි
"මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය තියෙන තුරු පොදුජන පෙරමුණ තියෙයි. එතනින් පස්සෙ මේ පොදුජන පෙරමුණේ ඉන්න හැමෝටම නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇවිත් ඉඳගන්න වෙන දිනය වැඩි ඈතක නොවෙයි" යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යාපහුව බලමණ්ඩලට පිහිටුවීම නිමිත්තෙන් මහව නගර ශාලාවේදී පැවති පාක්ෂික හමුවේදී මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.
"එදා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ අවස්ථාවේ ඔහුට සුබ පැතීමෙන් අනතුරුව නික්ම ගිය මහින්ද රාජපක්ෂ මහත්තයා මාස හයකට පස්සේ තමයි මේ සේරම සෙල්ලම් පටන් ගත්තේ. පක්ෂය නොහදා පුද්ගලයො හදපු එකේ ප්‍රතිඵල ලෙස තමයි අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාවැටිලා තියෙන්නේ.
පක්ෂයේ මතය අපි මිනිසුන්ට ඉගැන්නුවේ නෑ. අපේ ජනප්‍රිය අය දැන් අපෙන් ඉවත්වෙලා මහින්ද යන්නෙ කොහෙද අපි එතනට යනවා කියලා තමයි ගිහින් තියෙන්නේ.
අපි 16 ක් ආණ්ඩුවෙන් එළියට ගියේ වෙනම ඉඳගෙන අනෙක් අයත් ආණ්ඩුවෙන් එළියට ගන්නයි. පුළුල් බලවේගයක් හදලා දිනන්න පුලුවන් කියන්නයි. හැබැයි ඒ 16 දෙනාගෙනුත් කොටසක් පැයක් හමාරක් යනවිට ගිහින් පොදුජන පෙරමුණට එකතු වුණා. ඒ ඡන්දෙ පරදීවි කියලාඇති බයටයි.
මහ මැතිවරණය ආයේ එන්නේ 2020දී. 2020 මැතිවරණයට දැන්ම බයවෙලා අපි ගිහින් පොදුජන පෙරමුණේ ලැගලා වැඩක් නැහැ. අපට ඡන්දය දුන්නු ජනතාව පාගලාද පොදුජන පෙරමුණේ හිටගත්තේ. මේ අය අපට රත්තරන් වගේ වටිනවා. ඒ අය මගහැරලා මේ දයාසිරි එක අඩියක් තියන්නේ නෑ" යැයිද පවසා සිටියේය.
අඹන්පොළ- අවිශ්ක නිම්සර

popular news
-
Champa Wednesday, 24 October 2018 06:19 PM
බැසිල්ගේ පොදුජන පෙරමුණ ගැන මම කතා කරන්නේ නැහැ. හැබැයි දයාසිරිගේ "සිහින විමානේ" ගැන මුකුත් නොලිය බැරි වුන. 1. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජනප්‍රියත්වය කවදාවත් නැති වෙන්නේ නැහැ. 2. ඒකාබද්ධයේ ශ්‍රීලනිප පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳගන්නේ නැවත හිටපු ජනාධිපතිතුමා ඕකේ සභාපති වුනු දවසට. එතකම් එන්නේ නැහැ. ඊට කලින් ගියොත් මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ. 3. මොකක්ද මාස 6 කට පස්සේ කරපු සෙල්ලම? 4. සිරිසේන ජනාධිපතිතුමා දිනුවේ පහුගිය ආණ්ඩුව එපා වෙච්ච මිනිස්සුන්ගේ චන්ද වලින් මිසක් UNP හෝ SLFP චන්ද වලින් නෙමෙයි. පාට පක්ෂ භේදයක් නැතුව චන්දෙ දීපු මේ පිරිස මම හිතනවා මිලියන් 2ක් විතර කියල. 5. ඊළඟ ජනාධිපතිවරණයේදී එම පිරිසටම මේ ආණ්ඩුවත් එපා වෙච්ච තව මිලියන් 2-3 ක් එකතු වෙනවා. ඒක තමයි ඊළඟ චන්දෙ (ජනාධිපතිවරණයේ) තීරණාත්මක තනි සාධකය. 6. මහින්ද රාජපක්ෂ කියන්නේ ඔය බම්බු පක්ෂේ හදපු නායකයෙක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ කියන්නේ උපතින්ම නායකත්ව ලක්ෂණ තියෙන උපතින්ම මිනිස්සු ආකර්ෂණය කරගන්න පුළුවන් උපතින්ම දේශපාලනය ගැන සහජ හැකියාවක් තියෙන නායකයෙක්. නායකයෝ හැදෙන්නේ නැහැ. හදන්නත් බැහැ. නායකයෝ බිහි වෙනවා. Contd
Reply : 0 0
Champa Wednesday, 24 October 2018 06:44 PM
Continuation.. 7.) ශ්‍රිලනිපේ "හැදුවේ" එක නායකයයි. ඒ තමයි සිරිසේන ජනාධිපතිතුමා. ඒ නායකත්වය ස්වභාවික උපතක් නෙමෙයි. නළ බබෙක්. බොහෝ දේවල් ගැන හැඟීමක් දැනීමක් නැහැ. බොහෝ දෙනෙක් අයිතිවාසිකම් කියන නිසා සහ දෙමව්පියෝ බොහෝ දෙනෙක් ඉන්න නිසා අමුතුම ලක්ෂණ තමා තියෙන්නේ. හිටපු ගමන් ඉඳහිට ශ්‍රීලනිප ලක්ෂණ පහල වෙනවා. ඉතා කලාතුරකින්. එච්චරයි. 8.) අනාථ පිල හෙවත් 16 කෑවේ නළ බබාගේ ලණුවක්. :D :D 9.) 2015 ඔබට චන්දෙ ලැබුනේ ඔබ හිටපු ජනාධිපතිතුමාගේ වේදිකාවට නැග්ග නිසා. මිනිස්සුට හිතේ හැටියට හූ කියන්න ලැබුනේ නැහැ හිටපු ජනාධිපතිතුමා හින්ද. UPFA එකට චන්දෙ දීපු මිනිස්සු ඔක්කොම, ඇති බහුතරය ඉන්නේ හිටපු ජනාධිපතිතුමා එක්ක. ඔතන නෙමෙයි. ඊළඟ පාර දයාසිරි වේදිකාවට නගින්න නළ බබා එක්ක හොඳද. ඊට පස්සේ පුළුවන් නම් පෙන්නන්න පාර්ලිමේන්තු ඇවිල්ල. 10. මහ මැතිවරණයට බය නළ දරුවෝ. ඒකාබද්ධ විපක්ෂේ නෙමේ. නමුත් 19A නිසා ටිකක් වෙනස් දෙයක් කරන්න වෙනවා. දැම්ම කියන්න අවශ්‍ය නැහැ. ඒක ලබන අවුරුද්දේ වෙයි. පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න විතරයි තියෙන. 11. අවසාන වශයෙන්, හිටපු ජනාධිපතිතුමා කවදාවත් වැටෙන්නේ නැහැ. වට්ටන්නත් බැහැ. වට්ටන්න දෙන්නෙත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

