පොහොට්ටුවේ අපේක්ෂකයා කම්මුතුකරන්නෙක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇති බවත් අද රටට අවශ්‍ය අනාගතය කම්මුතු කරන්නෙකු නොව, අනාගතය සුරක්ෂිත කරන්නෙකු බව අවධාරණය කළේය.
ඊයේ (09) දින අරලියගහ මන්දිරයේදී කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින්ගේ හමුවක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
“ පොදුජන පෙරමුණ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා ටර්මිනේටර්වරයෙක් හෙවත් කම්මුතු කරන්නෙක් බව බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වා ප්‍රකාශ කර තිබෙනවා. එවැනි කම්මුතු කරන්නෙකු බලයට පැමිණියොත් ආර්ථිකය කම්මුතුයි. සංවර්ධනය කම්මුතුයි. ප්රජාතන්ත්රවාදය කම්මුතුයි. මාධ්‍ය නිදහස කම්මුතුයි. ස්වාධීන අධිකරණය කම්මුතුයි. නිදහස් අධ්‍යාපනය කම්මුතුයි. නගර දියුණුව කම්මුතුයි, සෞඛ්‍ය ක්ෂේත්රය කම්මුතුයි. එහෙම නම් රට බාරදෙන්නේ මෙවැනි කම්මුතු කරන්නෙක්ට ද කියා මා ජනතාවගෙන් විමසා සිටිනවා.
අද පොහොට්ටු පක්ෂයට මාධ්‍යයෙන් විශාල සහයෝගයක් ලබා දෙනවා. නමුත් මා මාධ්‍යයෙන් විමසා සිටින්නේ මාධ්‍ය නිදහස කම්මුතු කරන්නෙකුට රට භාර දෙනවාද කියායි. මට මාධ්‍යයෙන් බණින ආකාරයට කම්මුතුකාරයෙකුට බැනිය හැකිද? එහෙම වුනොත් ඔබට අද ලබාදී තිබෙන නිදහස කුමක් වේද? ඔබේ ජීවිතය හා මේ රටේ අනාගතය ඔබ කම්මුතු කරනවාද?
කම්මුතුකරුවෙකුට රට භාර දෙන්නේ නැතුව රටත් ඔබේ අනාගතයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකරන ලෙස මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

popular news
-
Champa Saturday, 10 August 2019 09:38 AM
යූඑන්පී එකේ හොරු ඔක්කොම දැන් ගෝඨාභයගේ පස්සේ. ත්‍රස්තවාදියෝ, හමුදාව පාවා දුන්නු එවුන්, රට පාවා දුන්නු එවුන් ඔක්කොම ඒ පැත්තේ. ගොඩම එකට ඉන්න එක හොඳයි. එතකොට මිනිස්සුන්ට පේනවා අනාගතේ වෙන්න යනදේ. හැබැයි කවුරු එකතු වුනත් චන්දෙ දෙන්නේ ජනතාව. ඒ හින්ද ගෝඨාභය කීයටවත් දිනන්නේ නැහැ.
Reply : 33 0
සෙනෙවි Saturday, 10 August 2019 11:27 AM
එතකොට මහ බැංකුව කම්මුතු කලේ අපිද ?
Reply : 10 85
Deepal Nirosh Saturday, 10 August 2019 05:55 PM
මෙතුමා කියනව වගේ එල් ටී ටී ත්ර්තවාදය, 30 වසරක යුද්ධය කම්මුතු කළ අයෙකු රටේ නායකත්වයට අවශ්‍ය නැහැ. මොකද ඔහු රටේ පවතින දූෂණය, වංචාව, දිනිඳුකම, පණ ගැහෙන ත්‍රස්තවාදය, පාතාලය නැවත කම්මුතු කරල දාන්න පුළුවන්. ඒවා තමුන්ට අවශ්‍ය පරිදි කළමණාකරණය කරගෙන පවත්වා ගත හැකි නායනයෙකුයි රටට අවශ්‍ය. අද මහින්ද පවා තේරුම් ගෙන ඇති සත්‍යය මෙයයි.
Reply : 21 63
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

