ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අද (05දා) අරලියගහ මන්දිරයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා පැවසූයේ දිවයිනේ සියළු පාළාත්වල පොසොන් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීම සඳහා සියළු සැලසුම් දියත් කර ඇති බවය.
අනුරාධපුරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන පොසොන් උත්සව කටයුතු සඳහා ලක්ෂ දහයකට අධික බැතිමතුන් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් සියළු පහසුකම් සංවිධානය කර ඇති බවද මේ සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.
වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කිරීමට නියමිතව තිබූ තොරණ් ගණනාවක් එවක පැවති ආරක්ෂක තත්වය මත ප්‍රදර්ශනය නොකෙරුණද, ඒ සියල්ලම පාහේ පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලීමට පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ කටයුතු කරන බවද අග්‍රමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
