කලක් තිස්සේ නාඋල පොලීසියට අවශ්‍යව සිටි හෙරෝයින් ජාවාරම් කරුවෙකු අද (29) අත්අඩංගුවට ගත් බව නාඋල පොලීසිය පවසයි.
සැකකරු නාඋල කණුමුලයාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිහක පමණ පුද්ගලයෙකු බව නාඋල පොලීසිය පවසයි.
සැකකරු කලක් තිස්සේ පොලීසිය මග හරිමින් සිට ඇති බවත් නාඋල පොලිස්ථානයට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දි සැකකරු සන්තකයේ හෙරෝයින් ග්‍රෑම් එකකට ආසන්න ප්‍රමාණයක් තිබු බවත් පොලීසිය කියයි.
සැකකරු අද (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසියේ විශේෂ පරික්ෂණ කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.
නාඋල පොලිස් බල ප්‍රදේශයට හෙරෝයින් රැගෙන එන පුද්ගලයින් සහ අලෙවි කරන අතරමැදියන් සම්බන්ධයෙන් මෙම විශේෂ පොලිස් කණ්ඩායම පරික්ෂණ පවත්වනු ලබන බව නාඋල පොලීසිය කියා සිටියේය.
