පොලිස් ලොක්කන් 9කට එරෙහිව නීතිය
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩු කරගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළු ඉහළම පොලිස් නිලධාරීන් නව දෙනෙකුට එරෙහිව අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොල්සිපතිවරයාට නියම කොට ඇත.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩු කරගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරීන් නවදෙනාට එරෙහිව අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිඛිතව නියම කොට ඇති නීතිපතිවරයා, එහි පිටපත් ජනාධිපති ලේකම්වරයාට හා පොලිස් කොමිසමේ සභාපතිවරයාටද යොමු කොට ඇත.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශ සැලකිල්ලට ගනිමින් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා එලෙස නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩු කරගැනීම සඳහා ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් අපරාධ හා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කොට ඇත්තේ කොළඹ, වයඹ හා විශේෂ ආරක්ෂක දිසාව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට, කොළඹ උතුර පොලිස් අධිකාරීවරයාට, මීගමුව කොට්ඨාස 03 සහ 04 සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ කටාන හා ජම්පටා වීදීය පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිවය.
‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හා එම ප්‍රහාරයේ බලපෑම අඩු කරගැනීම සඳහා මෙම පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැරහැරීම සහ ඔවුන්ගේ රාජකාරි කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශ කෙරෙහි සැලකිල්ල යොමු කරන නීතිපතිවරයා අදාළ පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැරහැරීම සහ ඔවුන්ගේ රාජකාරි කිරීමේදී ඇති අඩුපාඩු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයාට නියම කොට ඇත.
අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව සිදුකරන විමර්ශන සඳහා විජිත් මලල්ගොඩ කොමිසමේ නිර්දේශ අදාළ කරගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් කොමිසමේ සභාපතිවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

popular news
-
Dayan Saturday, 22 June 2019 03:32 PM
පොලිස්පති ස්වාදීන නිලධාරියෙක් නෙමෙඉද? හැමෝටම එයාට නියමකරන්න පුලුවන්ද?
Reply : 1 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

