පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්විය යුතුයි - එජාපය
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිසිදු පක්ෂයක දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී නොසිටිය යුතු වුවත්, වර්තමානයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ‘දේශපාලන හොරණෑවක්’ බවට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත්ව ඇති බවත් එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන එජාප බස්නාහිර පළාත් සභා අපේක්ෂක රොයිස් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සාධාරණ, අපක්ෂපාතී සහ පිළිගත හැකි පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්, මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබාගැනීමට කටයුතු නොකළ යුතු බවත් එම පක්ෂය එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
