සිවිල් ඇඳුමින් සැරසී සිටි බළන්ගොඩ පොලීසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට සැකපිට පුද්ගලයෙක් අද (31) බළන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.
සැකකරු බළන්ගොඩ මුගුණමලේ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගේ පහරකෑමට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් ආරියරත්න මහතා මේ වනවිට බළන්ගොඩ මූලික රෝහලේ ප්රතිකාර ගනු ලබයි.
එම කොස්තාපල්වරයා බළන්ගොඩ පොලීසියේ උසාවි රාජකාරී සම්බන්ධව කටයුතු කරන නිලධාරියෙක් බවද පොලීසිය පවසයි.
තුවාල ලැබු කොස්තාපල්වරයා සිවිල් ඇඳුමින් සැරසී ඊයේ (30) දා සවස බළන්ගොඩ නගරයට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.
පහරදීමෙන් පසු සැකකරු පළාගිය බව පැවසූ පොලීසිය ඔහු අද (31) දින අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවත් සඳහන් කළේය.
