පොලිස්පති පූජිත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දිම අරඹයි
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.
පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තෙවන දිනට අද රැස්විමට නියමිතය.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අද (06) කාරක සභාවට කැඳවා තිබුණි.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට පසුගිය 29 වනදා රැස්වූ අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා සාක්ෂි ලබා දුන්නේය.
දෙවන දිනට පසුගිය 04 වනදා රැස්වූ එම කාරක සභාව හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිවු දෙනෙකු පෙනී සිටීමට නියමිතව තිබුණද කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පමණි.

popular news
-
Prabath Thursday, 06 June 2019 01:37 PM
බූරුවන්ගේ බූරු ප්‍රශ්නවලට උත්තර දීමට තව බූරුවෙක් යයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

