පොල්අතු - මැටි වලින් සකස් කළ නිවාස දැන් නෑ - අගමැති
ශ්‍රී ලංකාවේ මේ වන විට පොල් අතු හා මැටි වලින් සකස් කළ නිවාස ඇති බව තමා නොසිතන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරය නිමිත්තෙන් පෙරේරදා (23දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“අද මේ රටේ පොල්අතු සෙවිලි කළ මැටි වලින් තැනූ නිවාස කීයක් තිබෙනවාද? මා දන්නා පරිදි කුරුණෑගල හා අනුරාධපුරයේ මෙවැනි ගෙවල් 20ක් පමණ තිබෙනවා. එහි නම උල්පත. එම නිවාසවල රැයක් ගත කිරීමට විදේශිකයෙකුන් ඩොලර් 400ක් පමණ අය කරනවා. එය සංචාරක කර්මාන්තයට අදාළවයි.
ඒ හැරුණු කොට පොල් අතු මැටි වලින් සකස් කළ නිවාස තිබෙන බව මා සිතන්නේ නෑ. මීට සමාගමීව නොමිලේ වැසිකිළි ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. පානීය ජලය සඳහා විමධ්‍යගත අයවැයෙන් ළිං සකස් කර දුන්නා. විදුලි බලය ලබා දුන්නා. පාරවල් තැනුවා. ඒ ආකාරයට සාමාන්‍ය ජනතාවගේ ජීවන බර අඩු කළා”

popular news
-
gemunu Tuesday, 25 June 2019 07:57 PM
පුදුම මිනිහෙක්. ජනතාව ගෙන දන්නා තරම.
Reply : 0 34
Athula Tuesday, 25 June 2019 09:22 PM
ඕනෑ තරම්
Reply : 0 25
බංඩාර හාමු Wednesday, 26 June 2019 06:37 AM
1970 සිටම ආනයනය කල මන්ත්‍රී කෙනෙක් සිටින ඇහැලියගොඩ ආසනයේ තැනින් තැන මැටි ගෙවල් තියෙනවා සමීක්ෂනයක් කර බලන්න
Reply : 0 14
gonbas Saturday, 29 June 2019 11:25 AM
කොළඹ නම් නැතුව ඇති. කිසි තේරුමක් නැති කියමන් . ජනතාව මොඩෙන්ට අන්දනවා . ඇත්තට මේ අපේ පාලකයෝද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

