හෙළයේ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කළ බවත්, එමෙන්ම රාජ්‍ය ගෞරව සහිතව සිදු කළ යුතු කටයුත්තකදී ලබා දිය යුතු යම් පහසුකම් සහිතව එය සිදු කළ බවත් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අද(27දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.