තමන්ව පොලිස්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
ඒ අනුව තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණයට අතුරු තහනමක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් මෙම පෙතසම ගොනුකර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් ලැබුණ තොරතුරු අනුව නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා වැඩ බලන පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කර තිබේ.
