හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබාදීමට එරෙහිව නීතිපති විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කළ ඇපෑල 01 දා සළක බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (23දා) තීන්දු කළේය.
පාස්කු ප්රහාරය වළක්වා නොගැනීම හා පාස්කු ප්රහාරයේ බලපෑම අවම කර ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හා හිටපු පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.
කෙසේ වෙතත් ඔවුන්ව ඇප මත නිදහස් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය තීන්දු කළේය.
