තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සැප්තැම්බර් මස 17දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
මෙම පෙත්සම් විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකළ යුතු බව සඳහන් කරමින් පෙත්සම සළකා බැලිම 9/17 තෙක් කල්තැබීය.
පෙත්සම අද (31දා) එල්. ටී .බී දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
