පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් STF අත්අඩංගුවට
රිදිමාලියද්ද ප්‍රදේශයේ අනාරක්ෂිත ආකාරයෙන් පුපුරණ ද්‍රව්‍ය ගබඩාකරගෙන තිබූ ස්ථානයක් බුත්තල විශේෂ කාර් යය බලකා (STF) නිලධාරින් පිරිසක් විසින් ඊයේ (31) වටලා පුපුරණ ද්‍රව්‍ය හා පුද්ගලයන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
අනතුරුව අධිකරණ කටයුතු සිදු කිරිම සදහා රිදිමාලියද්ද පොලිසිය වෙත භාර දි ඇත.
රිදිමාලියද්ද,04කණුව,දියකොබලයන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කළුගල් කොරියක් මෙලෙස විශේෂ කාර් යය බලකා (STF) නිලධාරින් විසින් වටලා අනාරක්ෂිත ආකාරයෙන් ගබඩා කර තිබූ විදුලි ඩෙටනේටර් 20ක්, විදුලි නොවන ඩෙටනේටර් 1585ක්, ඇමෝනියම් නයිට්ට්‍රේට් කිලෝ 135ක්, සේවා නූල් මීටර් 570ක්, හා ස්කැවේටර් යන්ත්‍රයක් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා, කලාප ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර් ඒ ඒ කේ රත්නායක මහතා, ප්‍රාදේශිය අණ දෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි ටි කේ එන් කුලතුන්ග මහතා හා බුත්තල විශේෂ කාර්යය බළකා කඳවුරේ අණදෙන නිලධාරි එම් බී එම් ජේ එස් බංඩාර මහතාගේ මග පෙන්වීම හා උපදෙස් මත පරික්ෂණ පවත්වයි.
මහියංගණ - රංජිත් කරුණාවීර


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

