පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිම හා හඳුනා ගැනිම සඳහා අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදයක් සැකසිමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඉකුත් අප්‍රේල් 21 දා එල්ල වු බෝම්බ ප්‍රහාර සඳහා යොදාගෙන තිබුණේ නව පුපුරණ ද්‍රව්‍යයක් බව ආරක්ෂක අංශ මගින් සොයාගෙන තිබේ.
ඒ අනුව ඉදිරියේදි ජාතික ආරක්ෂාව තහවුරු කරමින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිම හා හඳුනා ගැනිම සඳහා අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදයක් සැකසිමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කරමින් පවති.
මේ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ තාක්ෂණික සහයෝගය ලබා ගන්නා බවද විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.
