පුනර්ජනනීය බලශක්ති තාක්ෂණ ක්ෂේත්රයේ දකුණු-දකුණු සහයෝගීතා ක්‍රමය යටතේ ත්රෛපාක්ෂික හවුල්කාරිත්වයක් ඇති කිරීමට ඉතියෝපියාව, චීනය සහ ශ්‍රී ලංකාවේ නිලධාරීන් එකඟ වී තිබේ.
පුනර්ජනනීය බලශක්ති තාක්ෂණ ක්ෂේත්රයේ ඒකාබද්ධ බැඳීම් සම්බන්ධව ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර පැවැති වැඩමුළුවකදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
එකසත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ ඉටුකර ගැනීම වෙනුවෙන් පුනර්ජනනීය බලශක්තිය යොදා ගත හැකි අයුරු පිළිබඳව මෙම වැඩිමුළුවේදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.
“සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතිකරගන්නා සමීප තාක්ෂණික සහාය මගින් තිරසාර බලශක්ති තාක්ෂණයක් ඇතිකර ගත හැකියි” යැයි ශ්‍රී ලංකාවේ සුනනිත්ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත තෙවසරක ව්‍යාපෘතිය වෙනුවෙන් චීනය ඇමරිකානු ඩොලර් මිලියන දෙකක ප්‍රතිපාදන ලබාදෙන අතර එම අරමුදල් ඉතියෝපියාව සහ ශ්‍රී ලංකාව අතර සමානව බෙදී යාමට නියමිතය.
මෙම වසර අවසානයේදී නිල වශයෙන් දියත් කිරීමට අපේක්ෂා කරන ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල හා සහ ඉතියෝපියා රජය ද සම්පත් දායක්තවය ලබාදීමට නියමිතය.
ඉතියෝපියාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ උපදේශක ලියු යූ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ගෝලීය වශයෙන් පුනර්ජනනීය බලශක්ති තාක්ෂණයන් හා හරිත ආර්ථිකයේ ප්‍රධාන අරමුදල් සම්පාදකයෙකු ලෙස චීනය මේ සඳහා දායක්තවය ලබාදෙන බවයි.
"චීනය සැමවිටම ජාත්‍යන්තර සහයෝගීතාවයේ ප්‍රබල ආධාරකරුවෙක්. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග දිගුකාලීනව කටයුතු කරනවා. ජාත්‍යන්තර සංවිධාන වඩා හොඳින් භාවිත කිරීමට අපට අවශ්‍යයි" යැයි ලියු පැවසීය.
