පුද්ගල ඝාතනයක් කළ වරදට මරණිය දඬුවම
බහින්බස්විමක් හේතුවෙන් පුද්ගලයකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනෝපොළ මහතා අද (28) මරණ දඬුවම නියම කළේය.
විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා ඔහුට මරණීය දඬුවම පැනවිය.
ජනාධිපතිවරයා නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරය තුළදි විත්තිකරුට මරණීය දණ්ඩනය පමුණුවන ලෙස විනිසුරුවරයා නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවිම නිසා මෙලෙස මරණීය දඬුවම නියම වුයේ දේවසිරි සුසන්ත ප්රියදර්ශන (36) නමැත්තාටය.
2003 ජුලි මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්මලාන දුම්රිය පොළ පාරේදී හේවාවිතාරණගේ සරත් නමැත්තාට පිහියෙන් ඇන මරා දැමු බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දඬුවම පැනවීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

