පිරිත් නොදැම්මයි ලොකු නම පොඩි නමට කැත්තෙන් ගහලා
පිරිත් දැමීම සම්බන්ධයෙන් ඇතිවූ ඇති වූ කතා බහක් දුරදිග යාමෙන් හිමි නමක් තවත් හිමිනමකට කැත්තකින් පහරදී රෝහල් ගතකර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි .
වැලිපැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක දෛනිකව ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පිරිත් විකාශය කරන අතර, ඊයේ (24) එය විකාශය නොකිරීම සම්බන්ධයෙන් එහි වැඩවසන ස්වාමීන් වහන්සේලා දෙනමක්දෙ අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇතැයි පැවසේ.
තුවාල ලැබූ හිමිනම අලුත්ගම දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේගේ තත්ත්වය බරපතළ නොවන බැව් රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .
තුවාල ලබා ඇත්තේ 21 ක් හැවිරිදි හිමි නමක් වන අතර, පහරදී ඇත්තේ 28 හැවිරිදි හිමි නමක් බැව් පොලිසිය කියයි . වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් ප්‍රේමතිලක
popular news
-
Kumar Thursday, 25 November 2021 07:21 PM
sathwa karunawa kiyanne oya kriyawatada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

