පිදුරන්ගලත් නිදන් හොරුන්
ඓතිහාසික සීගිරි ගලත් පිදුරංගල ගලත් පෙනෙන මානයේ පිදුරන්ගල වෙල ප්‍රදේශයේ ඉපැරණි ගල්කණු සහිත නටඹුන් ඇති ස්ථානයක නිදන් ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අද (04) දින අලුයම සීගිරිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මීට දින කිහිපයකට ඉහතදී ද සීගිරිය පව්වට කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් රාම කැලේ ප්‍රදේශයේ ද සංවිධානාත්මක කණ්ඩායමක් අක්කර 10ක පමණ භූමියක් නිදන් හාරා විනාශ කොට තිබිණි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් හතර දෙනකු සහ සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය සඳහා පැමිණ සිටි කඳාන ප්‍රදේශයේ පුද්ගලයකු බව සීගිරිය පොලීසිය පවසයි.
සීගිරිය පව්වත් පිදුරංගල ගල ඉතා ආසන්නයේ කුඹුරු යායක ඉපැරණි ගල්කණු මතුවී කාලයක සිට පැවත තිබේ. ඒ අනුව මෙම කණ්ඩායම මෙහි නිදානයක් ඇති බව පවසා මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කොට තිබේ.
සීගිරිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර් .කේ.සී .ටී . රත්නායක මහතාට ලැබුණු තොරතුරක් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ .කරුණාතිලක මහතා සහ උපපොලිස් පරීක්ෂක උඩුනුවර මහතා ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයේ රහසිගතව සැඟවී සිට නිදන් හාරමින් සිටි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුකොට තිබේ.
මෙම පුද්ගලයන් සතුව තිබූ අලවංගු උදලු පූජා භාණ්ඩ ආදී උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
කාශ්‍යප රජු විසින් වස්තුව මෙහි සඟවා තබන්නට ඇතැයි යන මතය ඔස්සේ මොවුන් නිදන් හෑරූ බව ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි සීගිරිය පොලීසිය පවසයි.
සීගිරියේ පුරාවිද්‍යා කාර්යාලයක් ද පිහිටා තිබේ. එහි සේවකයන් 48 දෙනෙකු සේවය කරන අතර නිරන්තරයෙන්ම සිගිරිය ආශිතව නිදන් හෑරීම සහ පුරා වස්තු විනාශ කිරීම බහුලව සිදු වන බව ප්‍රදේශවාසීහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි.
සීගිරිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. කේ. සී .ටී .රත්නායක මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යු .කරුණාරත්න පොලිස් පරීක්ෂක උඩුනුවර යන නිලධාරීහු වැටලීමට එක්වූහ.


popular news
-
dilal Friday, 05 July 2019 12:23 PM
සුදු පාලකයන් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටෙව්වෙත් ස්වදේසකයින්ගෙන් පුරාවස්තු ආරක්ෂාකරගන්නයි.සමහර වෙලාවට චීවරධරිනුත් අහුවෙනවා නිධන් හාරා.අපේ රටේ මිනිසුන්ට සල්ලි මිසක් වෙන කිසිවක් වටින්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

