පැණි බීම සීනි බදු අඩුකරයි
කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
ඒසේම පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් ලබාදී තිබේ.
අග්‍රාමාත්‍යවරයා හා පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් අතර පැවැති හමුවකන් අනතුරුව මෙම උපදෙස් අදාළ අංශ වෙත ලබාදී තිබේ.
මේ හරහා වෙළඳ පොළේ පැණි බීම දැනට අලෙවි වන මිලට වඩා 30%කින් මිල අඩු කිරීමට හැකි වන බව නිෂ්පාදන ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර තිබේ.
පසුගිය රජය බිස්කට් සඳහා සීනි බද්දක් අය කිරීමට සූදානමක් තිබූ බව එම සමාගම් වල නියෝජිතයින් මෙහිදී හෙළි කරන ලදී. එහෙත් වත්මන් රජය එවැනි සීනි බද්දක් අය කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ජාතික ආර්ථික සභාවේ දී ද මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එකී සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස ජාතික ආර්ථික සභාවේ මඟපෙන්වීම හා අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා වශයෙන් ලබාදෙන ලද උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය මෙම සහනය ලබාදීමට තීරණය කෙරිණි.
popular news
-
samson Saturday, 01 December 2018 09:43 AM
දැන් සීනි බද්ධ අඩු කරමු. ඉදිරියේදී දියවදියා රෝගීන් සංක්‍යාව වැඩි වුනාම ඔවුන් සඳහා ඖෂද, ඉන්සුලින් වැනි දේවල් සඳහා මිලියන් ගණන් වියදම් කරමු. මේකට තමෛ ඉංග්‍රීසියෙන් කියන්නේ "ඩබල් වැමි" කියලා. පටු දේශපාලන අරමුණු ඇතිව ජනතාව පිනවීමට මේවා හොඳයි.
Reply : 0 0
rocky Saturday, 01 December 2018 06:13 PM
සීනි, පැණි ලාබෙට දීල ජනතාව රවටන්න දැන් අමාරුයි මහත්තයෝ!
Reply : 0 0
ටි.ඉන්දික Saturday, 01 December 2018 10:14 PM
ලෙඩ්ඩු බෝ කරන වැඩක්
Reply : 0 1
Kumar Sunday, 02 December 2018 08:01 AM
අමෙර්කාවේ අධිකලෙස පැණිබීම ශරීරයට අහිතකර නිසා බදු වැඩිකර ඇත. ලංකාවේ චන්දය ලබාගැනීමට පැණිබීම බදු අඩුකර ඇත.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

