පා.ම. නිරෝෂන් ප්‍රේමරත්නගෙන් අභියෝගයක්
රටේ තිබෙන වැදගත් ප්‍රශ්න යට ගසා නොවැදගත් මාතෘකා උඩට ගන්නා, සත්‍ය යටපත් කර බොරුව සමාජගත කරන දේශපාලනඥයන්ට හැකි නම් තමන් සමඟ ප්‍රසිද්ධ මාධ්‍ය විවාදයකට පැමිණෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා අභියෝග කරයි.
අද (14) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ අභියෝග කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා ,
‘‘මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය මගින් සහ ඇතැම් ජනමාධ්‍ය යොදා ගනිමින් දේශපාලන පක්ෂවලට අයත් පිරිස් විසින් ද මට විවිධ අවලාද නගනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වා ගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙනුයි. ‘නිරෝෂන්පේ්රමරත්න පර්චසය මිලියන 2.2 බැගින් තලවතු ගොඩින් ්ඉඩමක් අරගෙන, බිල්ඩිමක් හදලා ව්‍යාපාරයක් කරගෙන යනවා. එහි වටිනාකම කෝටි 08ක් පමණ වෙනවා. නිරෝෂන් පේ‍්‍රමරත්නට කෝටි 08 කොහෙන්ද?’කියලයි සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය මගින් මුලින්ම අවලාද ගැහුවේ.
පසුගිය දිනවල මම පාර්ලිමේන්තුවේ සිදු කළ කතා වෙන් පසුව ද වෙනෙත්බොහෝ අවලාද එල්ල වෙනවා. මුලින්ම කියන්න ඕනේ, මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන, ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් ආරම්භ නොකළ බව. මේසියලූදෙනා කියපු පළමු බොරුව තමයි, මම තලවතුගොඩින්ඉඩමක්අරගෙනගොඩනැගිල්ලක්හදලාව්යාපාරයක්පටන් ගත් බව. ඊළ`ග බොරුව තමයි මේ සියල්ලේ වටිනාකම රුපියල් කෝටි 08ක් බව කීම. තුන්වන බොරුව තමයි මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත්වුණාම‘මේ කෝටි 08 නිරෝෂන්ට දුන්නේ මධූෂ්’බව කීම.
මම මේ ව්‍යාපාරය කරන්න කුඩුකාර යන්ගෙන් හෝ පාතාලයන්ගෙන් සත 05ක්වත් අරගෙන නැහැ. මේ ව්‍යාපාරය කිරීමට මම ගොඩනැගිල්ලක් ගත්තේ කුලියට. ඕස්ෙටි‍්‍රලියාවේ සිටින වෛද්‍යවරයකුට අයත් ගොඩනැගිල්ලක් තමයි මම කුලියට ගත්තේ. 2017 සැප්තැම්බර් මාසයේ සිටයි එය කුලියට ගත්තේ. නමුත් මාස 06ක් එනම් 2018 මාර්තු තෙක් මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකිව සිටියා. මුදල් නොමැතිකම නිසා.
පසුව මම ලංකාබැංකුව සමඟ කතා කරලා කෝටි 03ක ණය මුදලක් ඉල්ලූම් කළා. එතැනදීත් බොහෝ පිරිස් කීවේ මම කෝටි 08ක ණය මුදලක් අරගෙන තිබෙන බවයි. මේ ණය මුදල ලබා ගන්න ඇපයට තබන්න දේපළක් අවශ්‍ය වුණා. එවිට තලවතුගොඩ සිටින මගේ සංගීත් නැමැති මිතුරා ඔහුට අයත් ඉඩමක් ඇපයට තැබීම සඳහා මට ලබාදුන්නා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ කෝටි 03ක ණය මුදල අරගෙන මම 2018 මාර්තු මාසයේ සිට මේ ව්‍යාපාරය ආරම්භ කළා.
දැන් කවුරුත් පාලූ ගෙවල්වල වලං බිඳින්න ඕනේ නැහැ. මේ ණය මුදල ගත්තු ලංකා බැංකුවේ පාර්ලිමේන්තු සංකීර්ණ ශාඛාවට ගිහින් නිරෝෂන් පේ‍්‍රමරත්න ගත්තු ණය මුදල කීයද? ඇප කරය හැටියට තැබුවේ කුමක්ද? මාසයකට ගෙවන ණය මුදල කීයද? ආදී ප්‍රශ්න සියල්ලටම උත්තර ලබා ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන් යැයි ඔහු පැවසිය.

popular news
-
Champa Thursday, 14 February 2019 06:28 PM
මිනිස්සු කාටවත් ඔය කියන විදිහට මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික දේවල් හොයන්න ඕනේ කමක් තිබ්බේ නැහැ. මදුෂ් ගැනයි ව්‍යාපාර ගැනයි කතා ඔක්කොම මම නම් ඇහැව්වේ නිරෝෂාන්ගේ පාර්ලිමේන්තු කතාවෙන්. එතකොට තමයි දැන ගත්තේ නිරෝෂාන් මදුෂ්ගේ මල ගෙවල් වලට ගිය බව. විමල් හුඟක් දුක් කරදර අපහාස මැද්දේ ගොඩ නඟපු ජාතික නිදහස් පෙරමුණේ නම නිරෝෂන් කැත කළා. දැන් නිකම් මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නැහැ. යූඑන්පී ඇමතිවරු මත්ද්‍රව්‍ය ගෙන බව හැමෝම දන්නවා. නමුත් මේ පැත්ත? ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෙක්ගේ, මිනිමරුවෙක්ගේ, ස්ත්‍රී දූෂකයෙක්ගේ මල ගෙවල් වලට යන්නේ ඔවුන් එක්ක කිට්ටු සම්බන්ධකම් තියෙන දේශපාලකයෝ කියන එක සමාජයේ සාමාන්‍ය කතාවක්. ලක්ෂ්මන්යාපාගේ පුතාගේ මඟුල් ගෙදරට මදුෂ් ගියා කියලා මිනිස්සු දැන ගත්තෙතේ එයාගේ කතාවෙන්මයි. කුඩු ජාවාරම් වලට ප්‍රසිද්ධ ලන්සා කියන්නේ පොහොට්ටුවේ ඉදිරි පෙළම ඉන්න මිනිහෙක්. ඇලෝසියස් කාරය මහින්දගේ පුතාගේ මඟුල් ගෙදරටත් ගියා කියලා පින්තූර එක්ක දාල තියෙනව. කියන්න තියෙන්නේ එක දෙයයි. ලංකාවේ දැනට කරලියේ ඉන්න සියලු පක්ෂ වල දේශපාලකයෝ සහ ඔවුන්ගේ kith
Reply : 0 0
Don Thursday, 14 February 2019 08:05 PM
දැන් ඔයා නාගෙන ඉවරයි දැන් බලන්න පොහොට්ටුවෙන් වත් අපේක්ෂක ලැයිස්තුවට නම දාගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

