පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට දැඩි දඬුවම් දෙනවා
" අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්රමුඛ රදගුරු මණ්ඩලයට හා කිතුණු ජනතාවට බොහෝම පැහැදිලිව කියනවා, සමගි ජන බලවේගය රජයක් යටතේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරුවන්ට කිසිම සමාවක් නොදී එම වැරදි කරුවන්ට දැඩි දඩුවම් දෙනවා කියලා" විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේ වත්තල සමගි ජන බලය ප්‍රධාන කාර්යාලය 01දා විවෘත කරමින් පැවති උත්සව සභාවේදීය. එම කාර්යාලය විවෘත කරමින් වත්තල සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ලෙස හරීන් ප්‍රනාන්දු මහතාව සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කල අතර එහිදී හරීන් ප්‍රනාන්දු මහතා දිව්රුම් ප්‍රකාශයක් මගින් සජිත් ප්‍රේමදාස මහතාට දන්වා සිටියේ තමන් හරියටම වයස අවුරුදු හැටේදී දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවයි.
දේශප්‍රේමීන්, ජාති හිතෛෂීන් මෙවැනි වචන දාලා පොහොට්ටුවට දේශප්‍රේමයේ සින්නක්කර ඔප්පුව අයිතියි කියලා හිතනවා. මේ රටට නොසුදුසු පෝර නැවක් ආවා. ඒක හරවලා යැව්වා. මේ නැව ආයේ මේ මුහුදු සීමාවේ කියලා මාධ්‍ය වාර්තා කරනවා. දැන් මේ දේශප්‍රේමී ආණ්ඩුව මොකද කරන්නේ.
මහජන බැංකුව චීනයේ කලු ලැයිස්තුව ට දාලා. මේ රටේ මුදල් ඇමති කියනවා එයා ඒක දන්නේ නැතිළු. මේ අයට බැරිද චීන තානාපති කැoවලා මේ ගැන කතා කරන්න. කෝ දැන් මේ අයගේ දේශප්‍රේමීත්වය. මැතිවරණ ළඟ ජාතිවාදය අවුසලා රට ගිණි තියන්න හැදුවා. අද කාර්ය සාධක බලකායකට හදපු ලැයිස්තුව බලන්න. පුරවැසියන් හිතා මතා භේද කරනවා. මේ පත්කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. ජනාධිපතිවරයාට කියනවා වරදක් වුනොත් අඩියක් පස්සට ගන්න එක වැරැද්දක් නෙවෙයි. මේ රටේ සමගිය නැති කරන මේ ඒක පාර්ශවීය කාණ්ඩායම ඉවත් කරන්න.
කතෝලික ප්‍රජාව තුළ මා පිළිබඳ අප්‍රසාදයක් බොරු බේගල් අද ඇදබානවා. හරීන්ට, මනූෂට පාර්මේන්තුවේ මේ ගැන කතා කරන්න ඇති තරම් කාලය දුන්නා.මගේ පියාත් ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගියේ. එනිසා මම දන්නවා ඒ ගෙවල් වල තියන වේදනාව. ඒකයි මට හොඳට කතෝලික ප්‍රජාවගේ වේදනාව දැනෙනවා.
ජා-ඇල ප්‍රසංග පෙරේරා/ වත්තල සරත් චින්තක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

