පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට ගැලවෙන්න බෑ
පාස්කු ප්‍රහාරය වැනි ඛේදාන්තයන්ට කවර හෝ අවස්ථාවක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වගවී සිටින බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පාස්කු ප්‍රහාරයෙන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නොමැති බවත් එම ක්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිඳු ඉඩක් නොලැබෙන බවත් ජනපතිවරයා සඳහන් කරයි.
පාස්කු ඉරුදිනය සම්බන්ධයෙන් පණිවිඩයක් යොමුකරමින් ජනනපතිවරයා මේ බව ස සඳහන් කරයි.
පණිවිඩය
පාස්කුව ලෝකවාසී කිතුනු ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. පාස්කු මංගල්‍යයේ අර්ථය පාපයෙන් ගැලවීමයි. ජන්ම පාපයෙන් නිදහස් ව, කළ වැරදි ගැන පසුතැවිලි වෙමින් නව දිවියක් ආරම්භ කිරීම ඉන් තවදුරටත් අරුත් ගැන්වෙයි.
ලොව පුරා විසිර පැතිර සිටින කිතුනුවෝ අළු බදාදා ආරම්භ වන, දින 40 ක කාලපරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහිකරමින් ආධ්‍යාත්මික වතාවත්හි නිරත වෙති. පාස්කු ඉරු දින ඔවුහුඋන්වහන්සේ උත්ථාන වීමේ විජයග්‍රාහී මොහොත මහත් ප්‍රීතියෙන් සමරති.
කිතුනු ජනතාව මේ කාලය තුළ ක්‍රිස්තූන් වහන්සේ මානව සංහතිය පාපයෙන් මුදාගැනීමේ චේතනාවෙන් කුරුසියේ දුක්විඳ ඉතා වේදනාකාරී මරණය පරාජය කර නැවත නැගිට විමුක්තිය අත් කර දීම මෙනෙහි කරති.
ශ්‍රී ලාංකේය කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ඡ ප්‍රහාරයකට වරෙක ගොදුරු විය. ඉන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නැත. ඒ පාපී ක්‍රියාවට වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට අප කිසිදු ඉඩක් තබන්නේ නැත. එසේම නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටී.
ජේසුස්වහන්සේ එදා දේශනා කළ මානව විමුක්තිය සමාජයට ශක්තියකි.අද ලෝකය හමුවේ මුහුණ පෑමට සිදුවන බහුවිධතාඩන පීඩන පරාජය කර නැගී සිටීමටත් ප්‍රේමයෙන් දයාවෙන් යුතු මානවහිතවාදී සමාජයක් තුළ ජීවත් වීමටත් මේ පාස්කු සමය ආශීර්වාදයක් කර ගනිමු.
සැමට සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවා !
popular news
-
Deepal Nirosh Sunday, 04 April 2021 09:48 AM
ගැලවෙන්න බෑයි කියල නම් බැහැ, කොහොම හරි වගකිවයුත්තන් රටට ජනතාවට හෙළි කර දීමයි කළ යුත්තේ. බලය දුන්නෙ වැඩ කරල පෙන්වන්න මිසක “බැහැයි කියල බැහැ“ කියන්න විතරක් නොවෙයි.
Reply : 0 1
Sira Sunday, 04 April 2021 11:58 AM
ජනාදිපතියි, කදිනල්ත්තුමා එකතුවෙලා පෙන බලවද
Reply : 0 1
Demuni Uduwara Sunday, 04 April 2021 06:33 PM
"Actions speak louder than words!"
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

