පාස්කු ප්‍රහාරයේදි නිහඬ අය පාඨලි වෙනුවෙන් පන්දම් පත්තු කිරිම විහිලුවක් - රමේෂ්
පාස්කු ප්‍රහාරය සිදුවෙද්දී, රණවිරුවන් හිරේ දාද්දී, ස්වාමින් වහන්සේලා හිරේ දාද්දී පන්දම් පත්තු නොකර ඒ කිසි දෙයකට විරුද්ධ නොවුණ එජාපය චම්පික හිටපු අමාත්‍යවරයාගේ සිද්ධියේදි නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒ සදහා පන්දම් පත්තු කිරිම විහිලුවක් බව සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඊයේ ( 23) දින ගාල්ලේදි මාධ්‍යවේදීන් හමුවේ මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,
“අද රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. හිටපු ඇමති චම්පික රණවක මහතාගේ සිද්ධියත් ඒ වගේ. ආණ්ඩුව විදියට අපි මේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නෑ. අද මාධ්‍ය මඟින් මේ සිද්ධිය ගැන රටටම හෙළිවෙලා තියනවා.
මෙහි යුක්තිය පසිඳලිමේ ක්‍රියාවලිය පොලීසිය සහ අධිකරණය සිදුකරාවි. ඒ ගැන අපි අදහස් ප්‍රකාශ කරන්නේ නෑ. මොනවා වුණත් ඕනෑම දෙයක් වෙනුවෙන් විරෝධය පල කිරිමේ අයිතිය තියන බව අපි පිළිගන්නවා. නමුත් පසුගිය පාස්කු ප්‍රහාරය වෙලාවේ හිනාවෙවි හිටපු අය, ස්වාමීන් වහන්සේලා හිරේ දාද්දි හ්ම් නොකියපු අය රට බේරගනිපු රණවිරුවන් හිරේ දාද්දී කටවල් වහන් හිටපු අය අද මේ පන්දම් පත්තු කිරිම විහිලුවක්. පාස්කු ප්‍රහාරයේ මියගිය කිසිවෙකු වෙනුවෙන් කිසිදු පන්දමක් පත්තු නොකර අය මේ කරන වැඩ ගැන රටේ ජනතාව තීන්දුකරාවි” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Champa Tuesday, 24 December 2019 09:24 PM
පාස්කු ප්‍රහාරය ගැන නම් කතා කරන්න එපා. ඒ ගැන ඒ කාලේ හිටපු ජනාධිපති හිටපු අගැමති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරු දැනගෙන හිටිය. ඔය කියන චෝදනාව ඔබ ඇතුළු ඒ සියල්ලන්ටම අදාලයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

