පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වි ඇති බවට ඉදිරිපත් වි ඇති පෙත්සම් සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය.
ලබන ජුනි 12 වනදා සිට මෙම පෙත්සම් විභාගයට ගැනීමටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
මෙම පෙත්සම් ජාතික වැදගත්කමකින් යුතු පෙත්සම් බැවින් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි නීතිපතිවරයා මීට පෙර අවස්ථාවක කළ ඉල්ලීමක් පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස තිරණය කළේය.
මෙම පෙත්සම බුවනෙක අලුවිහාරේ, සිසිරද අබ්රභූ , එල්.ටී.බී . දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේදි ඒ බව දැනුම් දුන්නේය.
