පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පතිවරයා ඇතුළුව රාජ්‍ය නිලධාරීන් භාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පොලිස්පතිවරයාට මුලින් තොරතුරු ලැබී තිබූ බවට හෙළි වී තිබෙන බවත්, නිලඇඳුම ගලවා 119 අංකයට එම තොරතුරු ලබාදුන්නේ නම් පොලීසිය එම පණිවිඩයට අනුව ක්‍රියාත්මක වන බවත් ඔහු පවසා සිටියේය.
ආයතන සංග්‍රහයට අනුව රාජ්‍ය නිලධාරීන්ට වගකීම පවරා තිබෙන බවත්, එම වගකීම කඩකළහොත් දණ්ඩ නීති සංග්‍රහය මගින් දඬුවම් ලැබෙන බවත් අද (13දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එබැවින් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභා අවශ්‍ය නොවන බවද ඔහු පවසා සිටියේය.
