පාස්කු ඉරිදා සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණවලට අනුව ඊයේ (03දා) දිනය වනවිට පුද්ගලයන් දෙදහස් දෙසීය අසූනවයක් (2289) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් පුද්ගලයන් 423 රිමාන්ඩ් භාරයට පත්කර තිබෙන බවත්, පුද්ගලයන් 1655 ඇපමත නිදහස් කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සැකකරුවන් දෙසීය එකොළහක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද ඔහු පවසා සිටියේය.
