පාසලේ අත්බෝම්බ තැබිම කඩාකප්පල්කාරි වැඩක්
මතුගම අධ්‍යාපන කලාපයේ අගලවත්ත 2 කොට්ඨාසයේ පාලින්දනුවර දික්හේන කනිටු විදුහලේ පුපුරුවා හැරීමට සකස් කල බෝම්බ 13ක් අද (24) දා අලුයම සොයාගෙන තිබේ.
ෙඑම විදුහලේ රාත්‍රී මුර සේවයේ නියතුව සිටි පියවරුන් 3ක් හා නිත්‍ය මුරකරු රාත්‍රී මුර සංචාරයේ යෙදෙන අවස්ථාවේ විදුහලේ පළමු ශ්‍රේණිය අසල සිට කිසිවෙකු දුව යනු දැක ඒ පිළිබඳව පරීක්ෂා කිරීමේදී මෙම බෝම්බ පාර්සලය සොයාගෙන තිබේ.
මේ පිළිබඳව බදුරලිය පොලීසියට දැනුම් දීමෙන් පසු අද උදෑසන ( 24 දින ) එම බෝම්බ බදුරලිය පොලීසියට ගෙන යාමට කටයුතු කර ඇත.
උදෑසන පාසල වෙත පැමිණෙමින් සිටි දරුවන් නැවත නිවෙස් කරා යාමට සලස්වා ඇති දෙමවුපියන් පාසල අසල ආරක්ෂාව පිණිස රැකවල් ලා සිටිමින් ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කර ඇත.
මෙම සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පැලවත්ත යුධ හමුදා කදවුරේ නිළධාරීන් විසින් සම්පූර්ණ පාසල් භූමිය පරික්ෂාවට ලක් කල අතර ඒ පිළිබදව අදහස් දැක් වූ මතුගම කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා පැවසුවේ මෙම සිද්ධිය සැලවීමෙන් පසු එම ස්ථානය පොලීසිය හා හමුදාව දැඩි පරීක්ෂාවට ලක්කල බවත් දැනට කිසිදු අනතුරු දායක තත්වයක් නොමැති බවත්ය.
මේ පිළිබඳව බදුරලිය පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශයක් ලබා දීම ප්‍රතික්ෂේප කල අතර සෙසු නීති අංශ නිලධාරීන් පැවසුවේ මෙය පසුගියදා ඇතිවූ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධයක් නැති බවත් යම් කිසිවෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැක කරන බවත්ය.
පාලින්දනුවර - සමන් විජයසිරි

popular news
-
Champa Friday, 24 May 2019 02:30 PM
ඔව් පැහැදිලිවම කඩාකප්පල්කාරී වැඩක්. දේශපාලකයෙක් සම්බන්ධ ඇති. මෙච්චර දෙයක් වෙලත් මේ වගේ අලුගුත්තේරු වැඩ කරන මිනිස්සුත් මේ රටේ ඉන්නවා. හැම වීදියකම රාත්‍රී මුර සංචාර පටන් ගත්ත නම් හොඳයි වගේ. පොලිසි වලට නම් පහසුකම් නැතුව ඇති එහෙම කරන්න. ත්‍රිවිධ හමුදාවට මිසක්. එතකොට බයට මෙහෙම දේවල් කරන එක නවත්තයි. වුනාට පස්සේ අල්ලනවට වඩා මේ වගේ දේවල් වලක්වා ගැනීමයි වැදගත්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

