පාසල් විවෘත කිරිම පිළිබද නිශ්චිත දිනය ඉදිරි සති දෙක තුළ
මේ සතියේ රටේ සිදුවන වත්මන් ක්‍රියාවලිය හොදින් අධ්‍යයනය කර ඉන්පසුව ඉදිරි සති දෙකක පමණ කාලයේදි රටේ පාසල් විවෘත කිරිම පිළිබදව නිශ්චිත තිරණයකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය උපකරණ ආදිය මිලදි ගැනිම ඉදිරියේදි සිදු කරන බවත් ඉන්පසුව පාසල් විවෘත කිරිමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාසල් විවෘත කිරිම අදියර කිහිපයකින් සිදුවන බවත් පළමුව උසස් පෙළ සිසුන් ගෙන්වා ගන්නා බවත් ඉන් අනතුරුව සෙසු දරුවන් ගෙන්විමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
තාරා Tuesday, 26 May 2020 09:04 PM
පාසල් කොහේ අරින්නද. දැන් මාස ගානක ඉදන් හමුදාව පාසල් වල. තාමත් ඉන්නව. මේ මිනිස්සුව ගෙවල් වලටවත් යැව්වනම් මොකද වෙන්නෙ. විශේශයෙන් නාවික හමුදාවෙ ගොඩක් පාසල් වල ඉන්නව. එයාලව ඉක්මනින් pcr පරීකශන කරල යවන් එක හොදයි.
Reply : 0 0
Champa Thursday, 28 May 2020 08:01 PM
පාසල් අරින එක නම් භයානකයි. චන්දෙ තියන්න දරුවෝ බිල්ලට දෙන්න හදන එක වැරදියි. වෙන විදි බලන්න. ඩලස් ඇමරිකාවේ හිටපු නිසා දන්නවා ඇති "open book exam" කියලා ජාතියක් තියෙනව. එහෙ නම් කරන්නේ online. ලංකාවේ එහෙම කරන්න බැහැ ඒ මොකොද කිව්වා නම් ඉන්ටර්නෙට් තියා රූපවාහිනිවත් නැති දරුවෝ ඉන්න පවුල් බොහොමයක් තියෙන නිසා. කරන්න පුළුවන් එකම දේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දරුවන්ට ජනවාරි ඉඳන් මාර්තු වෙනකම් ඉගෙන ගත්ත කරුණු වලට අදාලව ප්‍රශ්න පත්තර බෙදා දීම, දැනට. සතියක කාලයක් දෙන්න ඒක කරන්න. ඒ කියන්නේ පොත බලාගෙන උත්තර ලියන්න පුළුවන්. ඊළඟට, දෙවනුව ඒ ප්‍රශ්න පත්තර වලට උත්තර ටික ප්‍රාදේශීය කාර්යාල වලින් ලබා දෙන්න. ප්‍රශ්න පත්තරයි උත්තරයි දෙකම එකට දෙන්න එපා. උත්තර ටික අරගෙන දරුවන්ගේ වැඩිමහල් සහෝදර සහෝදරයන්ට හෝ වැඩිහිටියන්ට කියන්න දරුවාගේ ප්‍රශ්න පත්තර ලකුණු කරන්න කියල. ඊට පස්සේ මාර්තු ඉඳන් ජුනි දක්වා තියෙන විෂය ධාරාවට අවශ්‍ය කරුණු ටික යවන්න. ඊට පස්සේ ආයෙත් ඒකට "open book exam " එකක් තියන්න. A/L දරුවන්ට mock exam එකක් කරන්න මේ විදිහටම, කවද හරි නියම විභාගේ තියෙනකම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

