පාසල් දරුවන් 4 දෙනෙකු අපයෝජනය කල විදුහල්පති රිමාන්ඩ්
- 17 02 2020
- 20:10
- {{hitsCtrl.values.hits}} views
- ..
පොළොන්නරුව පුලස්තිපුර පොලිස් වසමේ බාල වයස්කාර පාසල් පිරිමි දරුවන් හතර දෙනෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පොළොන්නරුව, ලංකාපුර ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු (17) දින අත්අඩංගුවට ගෙන ඇත.
මනම්පිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එහි මහේස්ත්රාත් සුරංග අසේල ද සිල්වා මහතා විසින් ලබන මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කල බව පුලස්තිපුර පොලීසිය පවසයි.
මෙසේ බන්ධනාගරගතව ඇත්තේ පුලස්තිපුර පොලිස් වසමේ පාසලක විදුහල්පතිවරයෙකු වන චන්දන කරුණාතිලක (47) හැවිරිදි විවාහක තිදරු පියෙකු වන අතර පොළොන්නරුව වැවේතැන්න ප්රදේශයේ පදිංචි අයෙකි.
ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුව අනුව පුලස්තිපුර පොලිසියට දැනුම් දිමෙන් පසු විමර්ශන කිරීමෙන් පසු පොලීසිය සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
