පාසල් ආරම්භ කිරිමේදි දැනට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල සුළු වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ මේ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය ,අධ්‍යාපන අමාත්‍යාංශය වෙත විශේෂිත මාර්ගෝපදේශ ලබා දි ඇති බවයි.
පාසල් අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය වාතාවරණය ගොඩනගා ගැනිම සඳහා පාසල් ආරම්භ කිරිමට පෙර දෙමවුපියන් සහ ගුරුවරුන් පෙරහුරුවක් සිදු කර බලන ලෙස ඔහු මෙහිදි පැවසීය.
විශේෂයෙන් පොදු ප්‍රවාහන මාධ්‍ය හෝ පොදු පාසල් ප්‍රවාහන මාධ්‍ය භාවිත කරනවානම් ඒ තුළින් මේ රෝගය පැතිරයාමට තියෙන ඉඩකඩ අවම කර ගැනිමට අවශ්‍ය වැඩපිළිවෙලක් ඒ ඒ අය විසින් ප්‍රායෝගිකව සකස් කර ගත යුතුයි. කැන්ටින් වාගේ ස්ථානවල අනෙකුත් ක්‍රිඩාංගණවල මේ දරුවන් හැසිරෙන අවස්ථාවන් වලදි අවශ්‍ය කරන මුලික උපදෙස් ලබා දි දුරස්ථභාවය ආරක්ෂා වන ලෙස උපරිමයට කටයුතු කිරිම වැදගත් වෙනවා.
පාවිච්චි කරන මුඛ ආවරණ ළඟ තබා ගැනිමට වෙනම බෑගයක් සහ පාවිච්චි නොකර ඒවා වෙනම තබා ගනිමින් නිසි පරිදි භාවිත කිරිමට දරුවන් හුරුපුරුද කිරිම වැදගත් වෙනවා. ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් වෙත විශේෂිත මාර්ගොප්දේශ ලබා දි ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.