පාසල්වල ඉගැන්වීම් ඉංග්‍රීසියෙන් කරන්න යෝජනාවක්
රට ගොඩනැගීමට නම් සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත්කර, සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කරයි.
කොළඹ ‘වොන්ඩර්’ හෝටල් පරිශ්‍රයේ අද (05දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා මේ බව පැවසීය.
නිදහස ලැබීමට පෙර මෙරට තුළ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වැඩකටයුතු කළ බවත්, නිදහස ලැබීමෙන් අනතුරුව සිංහල සහ දෙමළ ජාතික භාෂාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් ජාතීන් අතර අසමඟිය හටගැනීම ආරම්භ වූ බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.
-
ඉලේපෙරුම Thursday, 06 February 2020 06:02 PM
මේක ඉතින් ඉතිහාසය නොදන්න කමට කියන කතාවක්. නිදහස ලැබීමට පෙර මෙරට රජයේ කටයුතු (එනම් නඩු ඇසීම, ගැසට්පත නිකුත්කිරීම, නිවේදන නිකුත් කිරීම, රජයට ලැබෙන ලිපිවලට පිළිතුරු යැවීම) ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිදුවුණා. මුදල් ගෙවිය හැකි 5%කට අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් ලබාගත හැකි වූ අතර ඉතිරි 95%ට ගමේ සිංහල / දෙමළ ඉස්කෝලෙන් නොමිලේ ඉගෙන ගන්න ලැබුණා. කන්නන්ගර ඇමතිතුමා 1945 දී සියලු පාසල්වල අධ්‍යාපන මාධ්‍යය සිංහල / දෙමළ වියයුතු බවට නියෝග කළා. බණඩාරනායක අගමැතිතුමා පසුව රජයේ කටයුතු සිංහලෙන් සිදු කළ යුතු බවට නීති සම්පාදනය කළා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

