පාලකයින් තාමත් ජනතාවගේ බිය නැති කරන්න කටයුතු කළ නෑ
පාලකයින් තාමත් ජනතාවගේ සිත තුළ මේ වන විටත් ඇතිව තිබෙන බිය සංකාව නැති කරන්න කටයුතු කර නැතැයි හලාවත රදගුරු අතිඋතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් පැවසීය.
අගරදගුරු හිමිපාණන් මේ බව පවසා සිටියේ අද ( 4) දින තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ 257 වන අගොස්තු මංගල්‍යයට එක්වු බැතිමතුන් අමතමිනි .
එහිදි වැඩිදුරටත් බැතිමතුන් ඇමතු අගරදගුරු හිමිපාණන් පවසා සිටියේ,
ධනය සම්පත් ගැන දෙවියන් වහන්සේ කථා කරද්දි මට හැගෙනවා මේ දේව වචනය සෘජුවම රට පාලනය කරන අයට අදාළයි කියලා .
මොකද රට පාලනය කරන අය තමයි දේශයේ ධනය පාලනය කරන්නේ. මෙය අපි සියලු දෙනාටම අදාළ ධනයක් . ඒ ධනය පාලනය කරද්දී තමා ගැන නොවේ ජනතාව ගැන සිතිය යුතුයි . මෙය තමන්ගේ ධනයක් නොවේ එය ජනතාවගේ ධනයක් ලෙස සිතා රට පාලනය කළ යුතුයී .මන්ද තමාගේ සුභ සිද්ධිය නොවේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් මේ දේශය පාලනය කරන පිරිස් සිතා කටයුතු කළ යුතුයි.
අපි දකිනවා ජනතාවගේ ඡන්දයෙන් ඔවුන් ඉදිරියට ආවත් ජනතා පරමාධිපත්‍ය කියන එක වචනයකට සිමා කරලා කියලා . ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කියලා ඔවුන් සමහර තීරණ ගන්නේ ජනතාවගේ කැමැත්ත නැතිව. ජනතාවට විරුද්ධව .
මම කියනවා ජනතාව වෙනුවෙන් යහපත් යමක්වත් කරන්න බැරිනම් අයහපත් යමක්වත් නොකර ඉන්න උත්සාහ කරන්න උවමනායි කියලා .
ඇයි මම එසේ කියන්නේ දැන් බලන්න සුද්දන්ගේ කුණු පවා ගෙන්න කටයුතු කරලා. මට ආරංචි විදිහට සුද්දන්ගේ කුණු වලට ලොකු ගාණක් ලැබෙනවා කියලා ආරංචියි.
බලන්න මහ මුහුද ගොඩ කරලා සුදු පොළවල් ,රාත්‍රි සමාජ ශාලාවන් , අපචාරයේ පුරවරයන් හදනවා. මේකද ජනතාවගේ යහපත කියන්නේ. රටේ සදාචාරය කෙහේ ගියත් කමක් නැහැ රටට මුදල් ගලා එනවානම් මේකටද රටේ අර්ථිකය කියන්නේ.
රටක් දියුණු කරනවා කියන්නේ ජනතාවගේ ජන ජීවිතය ගොඩ නගනවා කියන්නේ මේකටද? බලන්න ලෝකයේ උසම උස ගොඩනැගිලි , උසම උස කුළුණු. එක තැනක හැදෙන්නේ ලංකාවේ කී තැනක කී දෙනෙකුට වැසිකිලියක්වත් නැතිව ඉද්දිද .
අනිත් අය ගැන අපි සිතිය යුතුයි සහෝදර වරුනී.
රටේ දේශපාලනඥයින් සිතා ගත යුතුයි .ඒ අය ජිවත් වෙන්නේ මේ ජනතාව නිසා බව .බලන්න පසුගිය සිදුවිම් අපේ ජනතාව තාමත් ඉන්නේ බියෙන් .තාමත් පසුගිය සිද්ධින් සදහා සාධාරණයක් වෙලා නැහැ .ඒ සදහා සොයා බැලිම් කරන එක හොඳයි. නමුත් මෙය සිදු කෙළේ කවුද කියලා පමණක් සොයා බැලිම පමණක් නෙවෙයි කළ යුත්තේ කවුද මේ පිටුපස ඉන්නේ කියලා සොයා බලා මේ පිටුපස සිටින පිරිස් නීතිය ඉදිරියට ගෙන එම . එතකොට තමයි ජනතාව සිතේ බයක් සැකයක් නැතිව ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ.
කන්න නැතත් සැනසිල්ලේ ජීවත්වෙන්න වටපිටාවක් ලැබෙන්නේ යැයි රදගුරු හිමිපාණන් පැවසීය .
තලවිල ශාන්ත ආනා මුනිවරියගේ දේවස්ථානයේ 257 වන අගෝස්තු මංගල්‍ය හලාවත හා ත්‍රිකුණාමලය අගරදගුරු තුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විම සිදුවුයේ ත්‍රිවිධ හමුදාවන් හා පොලීසියේ විශේෂ ආරක්ෂාව යටතේය .
පුත්තලම - හිරාන් ප්‍රියංකර

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

